×

SQUBA – කවුද කියන්නේ කාර් වලට කිමිදෙන්න බෑ කියලා?

දිය, ගොඩ පැද යා හැකි උභය ජීවි කාරයක්


තාක්ෂණය මිනිසාව කොතැනින් කොතැනකට ගෙනයාවිදැයි අපි නොදනිමු. වයසට යෑම පමා කිරීම, හ‍ඳේ පදිංචිය, අහසේ වගාව‍ දිනෙන් දින මොනයම් හෝ අළුත් පුවතක් අපට අසන්නට ලැබේ … ගොඩ බිමේ පැද යන වාහනයෙන්ම ගඟක් තර‍‍ණය කිරීම අප මින් පෙර දැක ඇත්තේ චිත්‍රපට තුළිනි.

ස්විස් වාහන සමාගමක් වූ රින්ස්පීඩි සමාගම විසින් හඳුන්වා දී ඇති “sQuba” ස්කුබා නමින් හඳුන්වන කාරය එවැන්නකි.

මෙය දකින සැ‍ණින් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන “The Spy Who Loved Me” චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් විසින් පැද යන හිටි හැටියේම සබ්මැරීනයක් බවට පත්වන කාරය ඔබට මතකයට නැගෙනු නොඅනුමානය.

ලොව ප්‍රථම හරිත කිමිදුම් කාරය වන ස්කුබා සාමාන්‍ය කාරයක් මෙන්ම ගොඩ බිමේ ධාවනය කළ හැකි අතර ඒ අයුරින්ම ඉතා ආරක්ෂිතව දිය යට කිමිදී යා හැකි වේ. එනම් එය හරියටම උභය ජීවියෙක් වගේමය. ගොඩ දිය පැද යා හැකිය.

” මෙය දකින සැ‍ණින් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන “The Spy Who Loved Me” චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් විසින් පැද යන හිටි හැටියේම සබ්මැරීනයක් බවට පත්වන කාරය ඔබට මතකයට නැගෙනු නොඅනුමානය. “

ස්කුබා හට දිය යට අඩි 33ක් කිමිදිය හැකි වේ. එමෙන්ම සාමාන්‍ය කාර් රථ වලට වඩා විශාලත්වයෙන් අඩු මෙන්ම සැහැල්ලු බවින්ද අඩු ස්කුබා හි ගමන් කළ හැක්කේ දෙදෙනෙකුට පමණි. එනම් එහි රියදුරාටත් එක් මගියෙකුටත් පමණි. මේ දෙදෙනා සඳහාම අවශ්‍ය ඔක්ෂිජන් සැපයුම් යන්ත්‍ර සහ ඒ සඳහා වන උපකරණ කිමිදීමට සූදානම් වන අවස්ථාවේදීම ඉතා ඉක්මණින් ලබා ගත හැකි පරිද්දෙන් සවි කර තිබේ.

කාරයේ පසුපස රෝද ඉලෙක්ට්‍රොනික මෝටරයක් මඟින් ඕනෑම දිශාවකට හැරවිය හැකි පරිදි නිපදවා ඇති අතර එමඟින් කිමිදීමේදී වඩාත් පහසුවක් ලැබෙන බව නිෂ්පාදන ආයතනය පවසයි. එමෙන්ම ස්කුබා විද්‍යුත් එන්ජිමක් සහිතව නිපදවා ඇති නිසාම මුහුද යටදී කිසිදු අයුරකින් හානියක් නොවන බවද ඔවුන් පවසයි.

රින්ස්පීඩ් ප්‍රධානී එම්.රින්ඩර්ක්නෙච් මේ පි‍ලිබඳව සිය අදහස් දක්වමින් කියා සිටින්නේ “The Spy Who Loved Me” චිත්‍රපටය මෙම කාරයේ ආකෘතිය නිෂ්පාදනය සඳහා පෙළඹවීමක් ඇති කළ බවයි. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කොට අදට වසර 30ක් ගත වී ඇත. අද වන විට එදා චිත්‍රපටය නරඹන්නන්ට සිහිනයක් වූ සබ්මැරීන් කාරය අද සැබෑවක් වී ඇත.

තව බොහෝ කල් නොගොස් වෙළඳපළට පැමිණීමට නියමිත ස්කුබා මෙම වසරේදී ජිනීවා මොටර් රථ ප්‍රදර්ශනයේදී ප්‍රථම වතාවට ජනතාව සඳහා ප්‍රදර්ශනය කරනු ඇත



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි