×

දූරියන් නිසා ඉන්දුනීසියාවේ ගුවන් ගමන් ප්‍රමාදයක්!

දූරියන් ගන්ධය හේතුවෙන් ඉන්දුනීසියාවේ ගුවන් ගමන් ප්‍රමාදයක්


දූරියන් නිසා අද උදෑසන ඉන්දුනීසියාවේ සිරිවිජය ගුවන් යානය සුමත්‍රාහි බෙන්කුලු ගුවන් තොටුපලේ මහත් කලබගෑනියක් ඇති වූවා පමණක් නොව ගුවන් ගමන් පැයක කාලයකට ප්‍රමාද කිරීමට ට හේතුවක් විය. Stink of durian fruit delays flight in Indonesia

තමන් ගුවන් යානයට නගින විට දැනෙන්නට ගත් දූරියන්වල අමිහිරි සුවඳ හේතුවෙන් ගුවන් මගීන් බොහෝ දෙනා එයට ඇතුල් වීම ප්‍රතික්ෂේප කළ අතර සිය ගමන යෑමද නවතා ගුවන් තොටුපල තුළ ඉමහත් කලබගෑනියක් ඇති කළහ.

මගීන් ප්‍රකාශ කර ඇත්තේ දූරියන් වලින් හමන අමිහිරි සුවඳ යානය පුරා මැඬලිය නොහැකි ලෙස පැතිරී ඇති බවයි.

පසුව සොයා බලන විට හෙළිවූයේ දූරියන් ටොන් 2 ක් ගුවන් යානාවට පටවා ඇති බවයි.

ගුවන් යානයට නැගීම ප්‍රතික්ෂේප කළ මගීන් සියලු පළතුරු ගුවන් යානයෙන් ඉවත් කරන්නැයි සිය විරෝධය පළ කළහ.

ඉන්දුනීසියානු පුවත්පත් ප්‍රකාශ කළේ ගුවන් මගීන් සහ සේවකයන් අතර පහරදීම්ද සිදුවූ බවයි.

මෙම කළබගෑනියෙන් පසු ගුවන් යානා කාර්ය මණ්ඩලය ටොන් දෙකක් බරැති දූරියන් තොගයක් යානයෙන් ඉවත් කර ඇත.

ABC

ABC

මේ සම්බන්ධව ගුවන් යානා කාර්ය මණ්ඩලයේ මාධ්‍ය කළමනාකරු රෙට්රි මායා පවසා සිටියේ දූරියන් යනු ගුවන් යානයක් තුළ පැටවීමට තහනමක් නැති භාණ්ඩයක් ලෙසයි. ඔහු පැවසුවේ බොහෝ ගුවන් සමාගම් මෙසේ සිදු කරන බවයි.

ගුවන් මගීන් මෙම දූරියන් ප්‍රවාහනය විවෙිචනය කරමින් දූරියන් යනු ආරක්ෂාවට පීඩාවක් safety hazard ලෙස හඳුන්වා තිබිණි.
ලෝකයේ සමහර රටවල පමණක් පොදු ප්‍රවාහන සේවා තුළ හා හෝටල් තුළ දූරියන් ප්‍රවාහනය හා රඳවා තැබීම නීතියෙන් තහනම් කර ඇත.

ලෝකප්‍රසිද්ධ අහාර සම්බන්ධ ලේඛක රිචර්ඩ් සටර්ලින් විටෙක දූරියන් වලින් වහනය වන අමිහිරි සුවඳ වාර්තා කර තිබුණේ ටර්පන්ටයින් සහ ළූණු, ව්‍යායාම මේස් කුට්ටමක් හා එක් කළ විට එන අමිහිරි සුවඳ ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි