වරක් පුරෝහිත බර්බල්, අක්බාර් අධිරාජ්‍යයාගේ රාජ සභාවට පැමිණියේ ප්‍රමාද වෙමිනි. රජු එයින් උදහසට පත්විය. එහෙත් රාජ උදහස කනකටවත් ගත්තේ අක්බාර් නොවේ. “මගෙ දරුවා අඬන්න පටන් ගත්තා රජතුමනි…. ඉතින් මම කොහොම කියල එන්නද….?” ඔහු ගණනකට නැතිව කීවේ ය.
අධිරාජ්‍යයා කිපුණේ ය. ”හුහ්…! මට පේන්නෙ, උඹ පිය පදවිය ලැබුවට මොකද දරුවො නැළවීම ගැන කිසි දෙයක් නොදන්නා හැඩයි”
“අනේ එහෙම කියන්න එපා දේවයිනි. මමත් ඔබතුමා වගේම තාත්තා කෙනෙක්. හොඳයි එහෙම නම් මම මොහොතකට පොඩි දරුවෙක් වෙන්නම්. ඔබතුමා මගෙ පියතුමා වෙන්න. දරුවො නළවන එක කොයිතරම් අමාරුද කියල ඔබතුමාට එතකොට තේරෙයි.
බර්බල් මෙසේ කීවේ අධිරාජයා එයට එකඟ වේවි යැයි සිතා නොවේ. එහෙත්, ”හොඳයි එහෙම වෙයන්. මම නුඹට පෙන්වන්නම්” යැයි අක්බාර් කීවේ ය. ඒ නිසා බර්බල් මොහොතකට අත දරුවෙකු බවට පත්විය.
“තාත්තේ… මට එළදෙනක් ඕනෙ.” බර්බල් හැඬුවේ ය. වහාම රාජ සභාවට එළදෙනක් ගෙන එන ලදී.
“මට උගෙ කිරි බොන්න ඕනෙ” එය ළදරුවාගේ ඊළඟ ඉල්ලීම වූයෙන් වහාම කිරි දොවා වීදුරුවක් පුරවා බර්බල් අතට දෙනු ලැබිණි. බර්බල් එයින් කිරි උගුරු කිහිපයක රස බලා ආපසු හඬන්නට පටන් ගත්තේ ය.
“මට මේ කිරි එපා..! මේව තිබ්බ තැනින්ම තියන්න”