×

ඇහුවොත් ශොක් වෙන බැක්ටීරියා ආසාදනයක් ජපානයෙන් වාර්තා වෙයි!

සටහන – පුන්සරා ලියනගේ ජූනි 17, (LNW) කොළඹ : streptococcal toxic shock syndrome හෙවත් STSS නම් බැක්ටීරියා ආසාදනය මේ වනවිට ජපානයේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මෙම බැක්ටීරියා ආසාදනය වේගයෙන් වර්ධනය වන මාරාන්තික ආසාදනයකි. streptococcal toxic shock syndrome නම් මෙම බැක්ටීරියා ආසාදනය ප්‍රධාන වශයෙන් “A කාණ්ඩයේ ස්ට්‍රෙප්ටොකොකස්” බැක්ටීරියාව මගින් ඇති වන අතර බොහෝ විට එය […]


සටහන – පුන්සරා ලියනගේ

ජූනි 17, (LNW) කොළඹ : streptococcal toxic shock syndrome හෙවත් STSS නම් බැක්ටීරියා ආසාදනය මේ වනවිට ජපානයේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මෙම බැක්ටීරියා ආසාදනය වේගයෙන් වර්ධනය වන මාරාන්තික ආසාදනයකි.

streptococcal toxic shock syndrome නම් මෙම බැක්ටීරියා ආසාදනය ප්‍රධාන වශයෙන් “A කාණ්ඩයේ ස්ට්‍රෙප්ටොකොකස්” බැක්ටීරියාව මගින් ඇති වන අතර බොහෝ විට එය අවුරුදු 30 හෝ ඊට වැඩි පුද්ගලයින්ට බලපායි.

රෝගීන්ට අත් පා වල නෙරෝසිස් වර්ධනය විය හැකි අතර ඉන්ද්‍රියයන් කිහිපයක් අක්‍රිය විය හැකිය. එමෙන්ම මාංශ පේෂී කා දමන බැක්ටීරියාව ලෙස මෙය අන්වර්තවත් වී ඇත.

ජපානයේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පවසන්නේ මේ වසරේ ආරම්භයේ සිට රට තුළ සිටි මූලික රෝගීන් සංඛ්‍යාව ජුනි 2 වන විට 977 දක්වා ළඟා වී ඇති බවයි.

streptococcal toxic shock syndrome හි රෝග ලක්ෂණ;

  • උගුරේ තුවාල වීම්
  • අවයව ක්‍රියාකාරීත්වය අඩපණ වීම
  • සිරුර ඉදිමීම
  • අඩු රුධිර පීඩනය
  • අතපය වේදනාව


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි