×

දේශගුණික විපර්යාස නිසා නුදුරේදීම සමුගනු ඇති චොකලට්

.චොකලට් යනු එක් අතකට දේශගුණික විපර්යාස උග්‍ර කරවන කර්මාන්තයකි.... නමුත් අනෙක් කරුණ වන්නේ ඊටත් වඩා වේගයෙකින් දේශ ගුණික විපර්යාස අපට චොකලට් අහිමි කරමින් සිටින බවයි.


.ලෝකයේ කොකෝවා නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන අයිවරි කෝස්ට් හී කෙකෝවා ඵලදාව සිතා ගත නොහැකි ලෙස පහළ බසිමින් තිබෙන බව වාර්ථා වේ. ඒ අන් කවරදාකටත් වඩා කාලගුණය විසින් සිදු කර ඇති බලපෑම හේතුවෙනි.

සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටින දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අප්‍රිකානු කලාපය පුරා හමන උණුසුම් සුළඟ මෙවර අයිවරිකොස්ට් මෙන්ම ලොව දෙවන කෙකෝවා නිෂ්පාදකයා වන ඝානාවේ ද කොකෝවා නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අඩපණ කර ඇත. අයිවරි කෝස්ට් ගොවීන් දස දහස් ගණනක් කොකෝවා නිෂ්පාදනයේ යෙදී සිටින අතර සමස්තයක් වශයෙන් රට වසරකට ටොන් මිලියන 1.65 ක් පමණ නිෂ්පාදනය කරයි – එය ගෝලීය සැපයුමෙන් තුනෙන් එකක් පමණ වේ. කෙසේ වෙතත් එක් අතකින් චොකලට් සදහා පවතින ඉල්ලුම ජාත්‍යන්තර වෙළද පළ තුළ වැඩි වෙමින් පවතිද්දී මේ වන විට කොකොකෝව සැපයුම අඩුවීම චොකලට් නිෂ්පාදනයට දැඩි තර්ජනයකි.

පසුගිය මාස 4ක් පුරා එක දිගට වර්ෂාව නොලැබී යාමත් නිෂ්පාදන අවම වීමට බලපා ඇති තවත් හේතුවක් වී ඇති අතර ජාත්‍යන්තර කොකෝවා සංවිධානය International Cocoa Organisation (ICCO) පවසන පරිදි මේ වන විට කොකෝව නිෂ්පාදනය ටොන් ගණනකින් පහළ බැස ඇත.

Treehugger සංවිධානය විසින් නිවර්තන කෘෂිකර්ම පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නව අධ්‍යයනයකට අනුව දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ චොකලට් සැපයුම අනතුරට පත්වීමට නියමිතය.

Image result for climate change and Chocolate?

2050 වන විට අපේක්ෂිත වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකට වඩා වැඩි වීම බටහිර අප්‍රිකාවේ කොකෝවා නිපදවන ප්‍රදේශ අඛණ්ඩව වගා කිරීමට නොහැකි වන බව වාර්තාව පුරෝකථනය කරයි.

මෙම තත්ත්වය වැළැක්වීමට පියවර නොගතහොත් 2030 තරම් ඉතා සමීප අනාගතයකදී කෙකෝවා මිල අහස උසට ඉහළ යනඇති අතර මෙම වාර්ථාවේ නිර්දේශයන්ට අනුව කොකෝව නිෂ්පාදනය නිෂ්චිත මට්ටමක තබා ගැනීමට කොකෝවා ගස් සිසිල්ව තබා ගැනීම සඳහා විශාල සෙවන සහිත ගස් භාවිතා කිරීම; බෝග විවිධාංගීකරණය; උණුසුම්, වියලි තත්වයන් දරාගත හැකි දැඩි කොකෝවා සංවර්ධනය කිරීම; සුදුසු වාරිමාර්ග පද්ධති පිළිබඳ පර්යේෂණ වේගවත් කිරීම ආදී පියවර ගත යුතුව ඇත.

චොකලට් යනු ලෝකයේ වැඩිම පාරිභොිගිකයන් සංඛ්‍යාවක් ආකර්ෂනය කරගෙන සිටින රසවත් ආහාරයකි. ලොව ප්‍රියතම ආහාරයයි. එය ලෝකයෙන් අතුරුදන් වීම සමස්ත ලෝකයටම දුකක් මිස සතුටක් නොගෙන එන්නකි. චොකලට් ලෝකයට තුරන් වෙමින් තිබෙන බවට වන මූලික අනතුරු ඇගවීම් සංඥා නිකුත් වෙමින් පවතින මෙහොතක පාරිභෝගිකයින් සිය චොකලට් පිරිභෝජනයේ වෙනසක් ඇති කිරීමට සූදානම් නැත. එක්සත් ජනපදයේ පමණක් 2021 වන විට රසකාරක නැති චොකලට් නිෂ්පාදන සදහා ඇති ඉල්ලුම ඩොලර් බිලියන 30 සීඹාව ඉක්මවා යනු ඇත.

චොකලට් නිෂ්පාදනය මෙසේ පහත වැටීමත් සමග තවත් රසකැවිලි කර්මාන්තයන් රැසක් අඩපණ වනු ඇති බව ජාත්‍යන්තර කොකෝවා අපනයන කරුවන්ගේ අදහස වී ඇත.

දේශ ගුණික විපර්යාසයන් විසින් බලපෑම් කරනු ලබන්නේ චොකලට් නිෂෟපාදනයට පමණක්ම නොව නිමි හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහණය, නිමිභාණ්ඩ ප්‍රවාහණය ආදී සියළු ක්ෂේත්‍රයන්ටය. උණුසුම් කාලගුණයත් සමග නැවුගත කරන චොකලට් නිෂ්පාදන දියවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති අතර ශීත කළ චොකලට් ප්‍රවාහණය චොකලට් මිල ඉහළ යෑමට බලපානු ඇත.
මේත් සමග දේශ ගුණික විපර්යාස හේතුවෙන් මේ වන විට විනාශයට පත්වෙමින් යන ව්‍යාපාරය ගොඩ නැගීමේ කෙටි කාලීන විසදුම් ලෙස නව වගා බිම් සොයා යමින් වනාන්තර හෙළි කිරීමේ වෑයම් පෙරා නැවතත් දේශ ගුණික විපර්යාසයන් තව දුරටත් උග්‍ර කිරීම සිදු කරනු ඇත.

ලෝකයේ අති විශාලම චොකලට් සමාගම් වන Hershey සහ Mars මේ වන විට මෙම අවධානම සදහා පිළීතුරු සෙවීමට කටයුතු කරමින් සිටී. තිරසාරත්වය සදහා මාර්ස් සමාගම විසින් විවිධ පර්යේෂණයන් සිදු කරමින් සිටින අතර ඒ වෙනුවෙන් කාලගුණය හා සම්බන්ධ විශේෂඥයින් කණ්ඩායමක් සිය සමාගමට බඳවා ගැනීමට කටයුතු කර ඇත එමෙන්ම Hershey සමාගම වෙත කාබන් විමෝචනය සම්බන්ධව පැවති නඩුවකදී  2025 වසර වන විට සිය කර්මාන්තයන්ගෙන් පිටවන කාබන් විමෝචනය සියයට 50 දක්වා අඩු කිරීමට එකග වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි