×

සකර්බර්ග්ගේ FB ගිණුමත් හැක් කරලා!

තායිවානයේ සිට එල්ල වූ හැකර් ප්‍රහාරයක් මගින් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ගේ ෆේස්බුක් ගිණුම ද විකෘති වී ඇති බව වාර්තා වේ.


Chang Chi-yuan

මෙම හැකර් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ Chang Chi-yuan නමැති තායිවාන ජාතිකයෙකි. එය සාර්ථක වී දැයි තවම තහවුරු වී නැති අතර, එය සාර්ථක වූයේ නම්, සකර්බර්ගේ ෆේස්බුක් ගිණුමට හැකරුන් අත තැබූ ප්‍රථම අවස්ථාව ලෙසට එය ඉතිහාසගත වනු ඇත.

සැළකිය යුතු පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් මිලියන 50ක් පමණ හැකර් ප්‍රහාරයන්ට හසු ව ඇති බව නොබෝදා වාර්තා විය . ‍

මෙම ප්‍රහාරයන්ට ලක් වූ ෆේස්බුක් ගිණුම් අතර ෆේස්බුක් ප්‍රධානීන් කිහිප දෙනෙකුගේම ගිණුමද ඇතැයි වාර්තා වේ.

ෆේස්බුක් ප්‍රධාන විධායක නිළධාරීන් වන මාර්ක් සකර්බර්ග් සහ ෂර්ලි සැන්ග් බර්ග් ගේ ගිණුම්ද ඒ අතර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි.

තවමත් මේ පිළිබ ද පරීක්ෂණ පැවැත්වෙන හෙයින් කෙතරම් දත්ත ප්‍රමාණයකට බලපෑම් සිදුව ඇති දැයි අනාවරණය වී නැත.

ෆේස්බුක් ආයතනය මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ සිදු වූ තත්ත්වය මේ වන විට නිරාකරණය කර ඇති බවයි. සිද්ධිය මුල් අවදියේදීම දැනගන්නට හැකි වූ නිසා සිදු වන්නට ගිය විශාල හානියක් මැඩ පවත්වා ගත හැකි වූ බවද ෆේස් බුක් ආයතන ප්‍රකාශකයා දන්වා සිටී.

තම ෆේස් බුක් ගිණුම හැකරුන්ගෙන් බේරා ගැනීම සඳහා ගිණුම් හිමියන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කිහිපයක්ම පෙන්වා දී ඇත.

ඔවුන් ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගිණුම් සම්බන්ධව හා පෞද්ගලිකත්වය පිළිබඳව සියලු ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරන ලෙසයි.

හැකර් ප්‍රහාර නිසා ලෝකයේ බොහෝ ආයතනයන්‍හි අන්තර්ජාල ක්‍රියාකාරකම් ඇණ හිටි අවස්ථා රැසක්ම දැකිය හැකි වෙයි.

සෝනි ආයතනය වෙත ‍උතුරු කොරියානුවන්ගේ හැකර් ප්‍රහාර වලට ලක්වූ පසු එහි කාර්යමණ්ඩල‍ය විසින් යැවූ ඊ මේල් ලිපි වලට බලපෑම් සිදු වූ අතර සෝනි ආයතනය විසින් අන්තර්ජාලය වෙත මුදා හළ ජායාරූපවලගුණාත්මක භාවද අඩු කර තිබිණි. ඒ 2014 වසරේදීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි