×

ට්‍රම්ප් හරඹයට ඩිමොක්‍රටික් විරුවෝ – කවුද පෙරමුණේ?

ට්‍රම්ප් ගේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටි අතර, මේ වන විට Super Tuesday නැතහොත් ඇමරිකානු ප්‍රාථමික ජනාධිපතිවරණ ප්‍රතිඵල තුළින් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 ක ප්‍රතිඵල නිකුත් වී පවතී.


ඇමරිකාවේ එළඹෙන 2020 ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැදීමට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානමින් ය.

ඒ දෙවන ධුරකාලයක් ආරක්ෂා කර ගැනීම සඳහා ය.

ට්‍රම්ප් ගේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටි අතර, මේ වන විට Super Tuesday නැතහොත් ඇමරිකානු ප්‍රාථමික ජනාධිපතිවරණ ප්‍රතිඵල තුළින් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 ක ප්‍රතිඵල නිකුත් වී පවතී.

ඒ අනුව ට්‍රම්ප් හරඹයට එළෙඹි ඩිමොක්‍රටික විරුවන් සිව් දෙනෙකු ගෙන් දෙදෙනෙකු මේ වන විට පෙරමුණ ගෙන සිටින බවට පැහැදිලි වේ.

ඔවුන් බර්නි සැන්ඩර්ස් හා ජෝ බිඩන් ය.

ඒ අනුව ඩිමොක්‍රටික අපේක්ෂකයින් වූ මයික් බ්ලූම්බර්ග් හා එලිසබෙත් වොරන් පරාජයට පත්ව ඇති බව පෙනේ.

.

කවුද ඉදිරියෙන්?

ජෝ බිඩන්

ජෝ බිඩන් Super Tuesday වෙත පිවිසියේ දකුණු කැරොලිනාවෙන් ලද ජයග්‍රහණයේ පන්නරයෙනි. එම ජයග්‍රහණය අනෙකුත් ප්‍රාන්ත වලද ලබා ගත හැකි වනු ඇති බව ඔහු අපේක්ෂා කළේය.

Super Tuesday තුළ ඔහු ජයග්‍රහණය කළා පමණක් නොව එම ප්‍රතිඵල ඔහුගේ අපේක්ෂාවන් පවා අභිබවා ගිය බව පෙනෙන්නට තිබිණි.

බිඩන් කළු ජාතික ඇමරිකානුවන්ගේ ජනාදරයට පාත්‍රවූ චරිතයකි. දකුණු කැරොලයිනා හි ජයග්‍රහණයට ප්‍රධානතම හේතුව වූයේ මෙයයි.

ඒ අනුව උතුරු කැරොලයිනාව, වර්ජිනියා, ඇලබාමා ඇතුළු ප්‍රාන්ත රැසක 60% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට බිඩන් සමත් ව ඇති බව පෙනේ.

මෙය ටෙක්සාස් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පාක්ෂික එහෙත් බර්නි සැන්ඩර්ස් ගැති හිස්පැනික් ඡන්දදායකයින්ගේ ඡන්ද අවම කිරීමට ද හේතුවූ බවට වාර්තා වේ.

ජෝ බිඩන් ප්‍රාථමික ජනාධිපතිවරණය තුළ ලබා ඇති ජයග්‍රහණය අතිමහත් ය. බොහෝ පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීමට ඔහු සමත් ව තිබේ.

ටෙනසි, අර්කනාස් වැනි බිඩන් කිසිදිනක පය වත් නොතැබූ ප්‍රාන්ත වල ඔහු ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් කැලිෆෝනියාව ජයග්‍රහණය කිරීමට බිඩන් අසමත් ව තිබේ.

පසුගිය සඳු දින මිනසෝටා සෙනෙට් සභික ඇමී ක්ලෝබුකාර් ජනාධිපති තරඟයෙන් ඉවත් වී බිඩන්ට සහය පළ කිරීමට තීරණය කළාය. ඉන් ඇගේ ප්‍රාන්තය තුළද බර්නි සැන්ඩර්ස් අභිබවා බිඩන් ජයග්‍රහණය කරවීමට හේතු විය.

මීට අමතරව, ඩලස් ප්‍රාන්තයේ ජය තහවුරු කර ගැනීමට සමත් වූ බිඩන් හට පීට් බුටිගීග් සහ බිටෝ ඔරෝරොක් ගේ සහාය ද ලැබිණි.

.

බර්නි සැන්ඩර්ස්

වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් බලාපොරොත්තු වූයේ Super Tuesday තුළ තියුණු සටනක් ලබා දීමටයි.

කෙසේ වෙතත් ඔහු අභිබවා බිඩන් පැමිණියේ නොසිතූ අයුරිනි.

කැලිෆෝනියානු ප්‍රාන්තය දිනා ගැනීමට සැන්ඩර්ස් සමත් ව තිබේ. ඉතිරි ප්‍රාන්ත 13න් අටක් පමණ ඔහුට අහිමි වී ඇති බව පෙනේ.

කෙසේවෙතත්, ලතින් ඇමරිකානුවන්ගේ සහාය තවමත් බර්නි සැන්ඩර්ස් සතුය. 2016 සහ වත්මන් තත්වය අතර පවතින විශාලතම වෙනස වන්නේ තම සන්ධානය තුළ පෙර විරූ සම්ප්‍රදායක ලිබරල් සුදු ඡන්දදායකයින් නොසිටීමයි.

තරුණ ඡන්ද ආමන්ත්‍රණය කිරීම උපායමාර්ගයක් කර ගත් සැන්ඩර්ස් එය පළමු වරට ප්‍රදර්ශනය කළේ නෙවාඩා ප්‍රාන්තය තුළයි. ඔහු 35% ක පමණ තරුණ ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත් ව තිබේ.

ජනාධිපතිවරණ තරඟය තුළ ආයෝජන ඉතා තීරණාත්මක සාධකයකි.

ජෝ බිඩන් මෙම මොහොතේ බර්නි සැන්ඩර්ස් අභිබවා සිටියද, දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 46.5 ක ආයෝජනයක් ලැබීමට සැන්ඩරස් සමත්ව සිටියි.

ඒ පෙබරවාරි මස තුළ පමණක් ය.!

ආයෝජන සම්බන්ධයෙන් බිඩන් අනුගමනය කරන්නේ කුමන් අන්දමේ ප්‍රතිපත්තියක් ද යන්න තවමත් පැහැදිලි නැත.

.

කවුද කැපිලා ගියේ?

මයික් බ්ලූම්බර්ග්

වාර්තා වූ අන්දමට මයික් බ්ලූම්බර්ග් මුල සිටම සිය ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කර ඇත්තේ සාර්ථක උපායමාර්ග නොවේ.

විශේෂයෙන්ම එක්සත් ජනපදයේ මුල් ප්‍රාන්ත මඟ හැරීම සහ Super Tuesday සඳහා අනවශ්‍ය අන්දමින් වියදම් කර තිබීම ආදී කරුණු හේතු කොට ගෙන තත්වය අවාසිදායක අතට හැරෙන්නට ඇති බව විද්වත්හු පෙන්වා දෙති.

වර්ජිනියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික පාක්ෂිකයන් අතර 56% ක බහුතරයක් ඔහුට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණි.

ඩිමොක්‍රටික අපේක්ෂකයන් අතර අවම ප්‍රසාදයක් දිනා තිබූ අපේක්ෂකයකු ලෙස බ්ලූම්බර්ග් හැඳින්විය හැකිය.

ඇලබාමා, උතුරු කැරොලයිනාව හා වර්ජිනියා ප්‍රාන්ත තුළ පමණක් සිය රූපවාහිනී හා ගුවන්විදුලි ප්‍රචාරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 34 වියදම් කර තිබිණි. බිඩන් මින් කාලක් වත් වියදම් කර තිබුණේ නැත.

ජනාදරය දිනා ගැනීම යනු ඩොලරයම නොවන බව පෙන්වීම මෙය කදිම නිදසුනකි.

මීට අමතරව, තම ප්‍රචාරක කාර්යාල වල පැවති හිස්බව, රැස්වීම් වලට සහභාගී වී සිටි අවම පිරිස් මේ පිළිබඳ කල් තියා අනතුරු අඟවා තිබිණි.

.

එලිසබෙත් වොරන්

අයෝවා, නිව් හැම්ප්ෂයර්, නෙවාඩා සහ දකුණු කැරොලිනා ආදි ප්‍රාන්ත රැසක ඈ පාඩු ලැබීය.

එහෙත් වොරන් හට යළි තරඟකාරී වීමේ ඉඩ ප්‍රස්තාවක් තිබේ දැයි ඇතමෙකු ප්‍රශ්ණ නඟන්නට විය.

Super Tuesday තුළින් සියල්ල පැහැදිලි විය. ඈ ජීවත් වූ මැසචුසෙට්ස් ප්‍රාන්තය පවා ඈට අහිමි විය.

එයද දිනා ගනු ලැබුවේ කිසිවිටක මැසචුසෙට්ස් වෙත පය වත් තබා නොමැති ජෝ බිඩන් ය.

ඇගේ පරාජය තුළ බොහෝ විට මැසචුසෙට්ස් සහ වර්ජිනියාවේ නියෝජිතයා හට සහයෝගය පළ කරනු ඇත. බර්නි සැන්ඩර්ස් සහ ජෝ බිඩන් යන දෙපළෙන් එක් අයකු තෝරා ගැනීමට ඈට සිදුවනු ඇත.

Super Tuesday ප්‍රතිඵල පිළිබඳ ඔබේ අදහස කුමක්ද? බිඩන් සහ සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂයේ ඉදිරියෙන් සිටින්නේ පොදු සතුරකු හා සටන් වැදීමටය.

ට්‍රම්ප් ගෙදර යැවීමට හැකිවේද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි