×

IS නායක කුරේෂි සිරියාවේදී මරුට

IS සංවිධානය අබු හුසේන් අල්-කුරේෂිගේ මරණය සම්බනධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර තුර්කි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ කිසිදු භේදයකින් තොරව ත්‍රස්තවාදී සංවිධාන වලට එරෙහි අපගේ අරගලය දිගටම කරගෙන යන බවයි.


(IS) සංවිධානයේ නායකයා බවට සැක කෙරෙන අබු හුසේන් අල්-කුරේෂි තුර්කි හමුදා විසින් සිරියාවේ උතුරු ජන්දරිස් නගරයේ කරන ලද මෙහෙයුමකින් ඝාතනය කර ඇති බව තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan නිවේදනය කර තිබේ.

පසුගිය නොවැම්බරයේ සිරියානු හමුදාව විසින් කරන ලද මෙහෙයුමකදී ජිහාඩ් කණ්ඩායමේ නායක අබු අල් හසන් අල් හෂෙමි අල් කුරේෂි මිය යාමත් සමඟ අබු හුසේන් අල්-කුරේෂි කණ්ඩායම භාර ගන්නා ලදි.
IS සංවිධානය අබු හුසේන් අල්-කුරේෂිගේ මරණය සම්බනධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර තුර්කි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ කිසිදු භේදයකින් තොරව ත්‍රස්තවාදී සංවිධාන වලට එරෙහි අපගේ අරගලය දිගටම කරගෙන යන බවයි.


IS සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබුණේ, IS සංවිධානයට අනුබද්ධ වඩාත් සංවිධානාත්මක කණ්ඩායම් ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව සහ ලේක් චැඩ් ද්‍රෝණි ප්‍රදේශපුරා පැතිරී ඇති බවත් ඔවුන් ඉදිරියේද අඛණ්ඩ තර්ජනයක් වන බවටයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි