×

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් භාගයක් ඉදිරි මාස කිහිපයක් සඳහා ලොක්ඩවුන්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලපැවැත්වෙන ලොක්ඩවුන් තත්වය ඉදිරි මාස කිහිපයක් මුළුල්ලේ බලපැවැත්විය හැකි බව වාර්තා වේ.


මෙම බලපෑම ඇති වී තිබෙන්නේ දෛනික කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ යාම සමග ය.

මේ වන විට සිඩ්නි නුවර මහල් නිවාස ගණනාවක් පොලිසිය විසින් සීල් තබා ඇත.

වසංගතය රෝහල් දෙකක් තුළින් ද වාර්තා වීමෙන් පසුව තත්වය බරපතළ අතට හැරී ඇති බවට නිගමනය වේ.

ඔස්ට්‍රේලියානුවන් හට ලබාදෙමින් තිබෙන ‘නොවාවැක්ස්‘ Novavax වැක්සිනය ප්‍රමාද බවට ද මේ අතර චෝදනා එල්ල වේ. නිව් සවුත් වේල්ස් ජනපදයේ වැක්සින්කරණයට ලක් කර තිබෙන්නේ තවමත් 13%ක ජනතාවක් පමණි.

මේ අනුව ඩෙල්ටා ප්‍ර භේදය ලොව පුරා පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙසට, මිලියන 26 ක් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් භාගයකට මාස කිහිපයක් තිස්සේ ඇදෙන දුෂ්කර ලොක්ඩවුන් කාල පරිච්ඡේදයකට පිවිසීමට සිදුවනවා ඇත.

මෙම ලොක්ඩවුන් තත්වය හේතුවෙන් දිනකට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පාඩුවක් එරට ආර්ථිකයට සිදුවෙමින් පැවතියත්, බලධාරීන්ගේ අදහස වී තිබෙන්නේ ආර්ථිකය රැක ගැනීමට වඩා මිනිස් ජීවිත රැක ගැනීම වැදගත් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි