×

අසාද්ගේ පපුවටම වැදෙයි – බිරිඳට පිළිකාවක්

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිය - අස්මා අල් අසාද් පියයුරු පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම අරඹයි.


මේ තොරතුරු මාධ්‍යයට අනාවරණය වුණේ ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබුණු ඡායාරූපකිනි.

ඖෂධ රුධිරවාහිනී ගත කෙරෙමින් ප්‍රතිකාර ලබන සිය බිරිය ආසන්නයෙහි ජනාධිපතිවරයා හිඳගෙන සිටින වග මේ ඡායාරූපයෙහි සටහන්ව ඇත. ඖෂධ රුධිරවාහිනී ගත කෙරෙමින් පැවැතියේ ජනපති බිරියගේ වම් අතටය. ඡායාරූපය සමඟ යෙදූ සටහනකින් කියැවුණේ “මාරක (පිළිකා) ගෙඩියක්” යන්නයි. දැනට කෙරී ඇති පරීක්ෂණ අනුව එය මූලික අවස්ථාවේ පවතින අර්බුදයක් (ගෙඩියක්) බව ෆේස්බුක් සටහන්වලින් අනාවරණය වේ. තෙදරු මවක වන අස්මාට ප්‍රතිකාර ලබා දී තිබෙන්නේ දමස්කස් නුවර හමුදා රෝහලේදී බවට සැකයක් ඇත.

She is pictured carrying files and holding a glass of tea with her wrist bandaged | AFP/Getty Images

පළමු ඡායාරූපය සමාජ වෙබ් අඩවි ගිණුම්වල පළ කිරීමෙන් අනතුරුව තවත් ඡායාරූපයක් ජනපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමට යොමු කර තිබිණ. එයින් දැක්වුණේ ජනපති බිරිය ප්‍රබෝධයෙන් යුතුව ඇවිදගෙන එන බවකි. ඇගේ එක් අතක ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් සහ ලේඛන කිහිපයකුත් අනෙක් අතෙහි තේ කෝප්පයකුත් තිබෙනු පෙනේ. එසේ වුවත් ඇගේ වම් අත මත වෙළුමක් දක්නට ලැබේ. අස්මාගේ ශරීරය තරමක් කෘෂ වී ඇති බවක් ඡායාරූපවලින් හෙළිවන්නේ යැයි බ්‍රිතාන්‍යයේ පළවන “ඉන්ඩිපෙන්ඩන්ට්” පුවත්පත වාර්තාවක් පළ කරමින් පෙන්වා දෙයි.

හතළිස් දෙහැවිරිදි අස්මා අල් අසාද් සිරියා දෙමව්පිය යුවළකට දාව බ්‍රිතාන්‍යයේදී උපත ලබා එහිම හැදී වැඩුණු කාන්තාවකි. පරිගණක විද්‍යාව සහ ප්‍රංශ භාෂාව පිළිබඳ උපාධිධාරිනියක වන අස්මා අධ්‍යාපනයෙන් පසු බැංකු ක්ෂේත්‍රයෙහි රැකියාවක නියැලුණාය. ඇයට, බෂාර් අල් අසාද් හමුවන්නේ ඈ නිවාඩුවක් ගත කිරීම සඳහා සිරියාවේ දමස්කස් නුවර ඥාතියකුගේ නිවසට 2000 වසරේදී පැමිණි අවස්ථාවේදී ය. එම නිවසේ පිරිස සමඟ බෂාර් අල් අසාද් එකල ඉතා සමීප සබඳතාවයක් පැවැත් වූයේය. බෂාර් – අස්මා හමුව සිදු වූයේ මේ පසුබිම තුළයි.

The couple are pictured here at a summit in Paris in 2008. Their marriage was announced in 2000 | Sipa Press/Shutter Stock

බෂාර් අල් අසාද්ගේ පියා – හෆෙස් අල් අසාද් මියගොස් සිටි බැවින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නට අවශ්‍යය පසුබිම මේ හමුව සිදුවන කාලයේදී සිරියාව තුළ නිර්මාණය වෙමින් තිබිණ. ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කෙරුණේ බෂාර් අල් අසාද් ය. ඡන්ද දායකයන් කළ යුතු වූයේ අසාද් ජනාධිපති හැටියට පිළිගන්නවාද නැත්නම් ප්‍රතික්ෂේප කරවද යන්න ඡන්දයේදී ප්‍රකාශ කිරීම පමණි. 2000 වසරේ ජූලි 10වැනිදා එම ජනාධිපතිවරණය පැවැති අතර බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් සිරියාවේ ජනාධිපතිවරයා වන්නට අසාද්ට හැකි විණ. එයින් හය මසකට පමණ පසු එනම් 2000 වසරේ දෙසැම්බර් මාසයේදී අසාද් සහ අස්මා අතර විවාහ සිදු විය.

2011 වසරේදී සිරියා සිවිල් යුධය ආරම්භවීමත් සමඟම ජනපති ආර්යා අස්මාට එරෙහිව විවිධ විවේචන එල්ල වන්නට පටන් ගැනිණ. රට තුළ බෝම්බ පිපිරීම් සුලභ වන විට ඈ මහජනයා අතර පෙනී සිටියේ බෙහෙවින්ම කලාතුරකිනි. අස්මා දම්ස්කස් නුවර හැර ගොස් ඇත්ද එසේත් නැත්නම් සිරියාවම හැර ගොස් ඇත්ද යන සැකය බොහෝදෙනෙකු තුළ එකල පැන නඟිණ. එහෙත් පසු කලකදී ඈ හමුදා නිළධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව කටයුතු කරමින් අසාද්ගේ දේශපාලන ගමනට ශක්තියක් වූවාය.

Since Syria’s civil war broke out in 2011, Mrs Assad has mostly been seen in public receiving families of fallen soldiers | Instergram

සිරියා යුධයෙන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ. රුසියාව සහ ඉරාණය ප්‍රමුඛ රටවල් ගණනාවක් සිරියාවට සහය පළ කරයි. එවැනි සබඳතාවලින් ශක්තිමත් වෙමින් සිරියාව පසුගිය කාලයේදී යුධ අපරාධ රැසක නියැලුණු බවට ඇමෙරිකා චෝදනා නඟයි. ඒ අතර වඩාත් කැපී පෙනන්නේ නිරායුධ මහජනයා ගැවසෙන රෝහල් ආදි පොදු ස්ථානවලට බෝම්බ හෙලීම සහ භාවිතය නීතියෙන් තහනම් කර ඇති සාරින් වැනි රසායනිකයන් යොදාගෙන ප්‍රහාර එල්ල කිරීම ය.

පසු සටහන –  තමන්ගේම රටේ මිනිසුන් ලක්ෂ 5 ක් මරා දැමූ, ලෝකයේ දීර්ඝතම සහ බිහිසුණුම සිවිල් යුද්ධයට තවමත් විරාමයක් නොදෙන බෂර් අල් අසාද් හැඳින්වීමට බටහිර මාධ්‍ය පාවිච්චි කරන සුලබ යෙදුමක් වන්නේ tyrant ය. එහි අරුත ‘ප්‍රජා පීඩකයා‘ හෙවත් ‘සැහැසි රජ‘ ය. සැහැසි රජ -බෂර් අල් අසාද්, මරණය පිළිබඳ හැඟීම් කුමක් වැනිදැයි ඔබේ ප්‍රිය බිරිඳගෙන් හෝ අසා දැනගන්න! – සංස්කාරක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි