×

තායිවාන බහුතරය සමරිසි විවාහ එපා කියති!

තායිවාන ජනමත විචාරණයෙන් සමරිසි විවාහ පරාජය වේ.


ආසියාවේ සමරිසි විවාහ නීතිගත කරන පළමු රට බවට පත්වීමට සිටි තායිවානයට එම අවස්ථාව අහිමි විය. ඒ, ඊයේ (24) පැවති ජනමත විචාරණයෙන් තායිවාන ජනතාවගෙන් බහුතරය සමරිසි විවාහවලට එරෙහිව සිය මනාපය පළ කිරීම නිසා ය.

මෙහිදී වෛවාහක සමානාත්මතාවය (marriage equality) ඇසුරෙන් නගන ලද ප්‍රශ්නවලින් වෛවාහක සමානාත්මතාවය ලබාදීම පිළිගෙන තිබූ නමුත්, LGBT ක්‍රියාකාරීන්ගේ පාර්ශවයෙන් අසා තිබූ ‘‘සිවිල් විවාහ සංග්‍රහය සමරිසි/සමකාමී යුවළගේ අයිතිවාසිකම් සුරක්ෂණය කිරීම සහ සමරිසි යුවළවල විවාහ සඳහා යොදාගත යුතුද“ යන්නට ඔවුන් ලබාදී තිබූ පිළිතුර ‘නැත‘ යන්න විය.
කෙසේ නමුත් තායිවානයේ සමරිසි අයිතිවාසිකම් ව්‍යාපාරය මෙයින් අධෛර්යමත් වේ යැයි විශ්වාස නොකෙරේ. එසේම මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල, සමරිසි පුද්ගලයන්ව තවදුරටත් පීඩාවට පත් කිරීම සඳහා යොදානොගත යුතු බවට ද ක්‍රියාකාරිකයෝ අවධාරණය කරති.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයෙන් ලබාදී ඇති නියමය ප්‍රකාරව, වසර 2019 වන විට විවාහ සමානාත්මතාවය ඇති කිරීමට තායිවාන ආණ්ඩුවට තිබෙන නීතිමය බැඳීම ද මෙයින් අහෝසි නොවේ.

මේ අතර, සමරිසි අයිතිවාසිකම් ජනමත විචාරණය දක්වා ගෙන ඒමට විශාල වැඩ කොටසක් කළ තායිවාන ජනපතිනිය ස්වන් ඉන් වෙන් (Tsai Ing-wen) මේ හා සමගාමීව සිය පක්ෂයේ (Democratic Progressive Party) නායකත්වය ද අහිමි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි