×

2015 න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමට අදාලව යුරෝපා සංගමය හා ඉරානය අතර සාකච්ඡා!

සොලෙයිමානි ගේ ඝාතනයෙන් පසු දෙපාර්ශවය අතර සාකච්ඡා පැවතියේ දුරකතන සංවාද තුළිනි.


යුරෝපා සංගමය සහ ඉරානය අතර අද (14) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ 2015 න්‍යෂ්ටික අවි නියාමන ගිවිසුමට අදාලවයි.

ඉන්දියාවේ නව දිල්ලියේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවට වාර්තා වේ.

යුරෝපා සංගමයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයකු සේ සලකනු ලබන ජොසෙප් බොරෙල් හා ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහමඩ් ජවාඩ් සරිෆ් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

මීට ඉහත දී බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය විසින් ඉරානය 2015 න්‍යෂ්ටික අවි නියාමන ගිවිසුම උල්ලංඝනය කොට ඇති බවට චෝදනා කර තිබිණි.

ඉහත සාකච්ඡාව සාධාරණ මට්ටමින් පැවැත්වූ බවට යුරෝපා සංගමය අද දින නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව මේ සම්බන්ධ ඒකාබද්ධ පරිපූර්ණ ක්‍රියාකාරී සැලැස්ම (Joint Comprehensive Plan of Action) වැඩිදියුණු කර ගත යුතු අන්දම පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වූ බවට එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එක්සත් ජනපදය විසින් ඉරාන කූඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සොලෙයිමානි ඝාතනයට ලක්කිරීමෙන් පසුව ඉරානය හා යුරෝපා සංගමය අතර මුල් වරට පැවැත්වෙන මුහුණට මුහුණ සංවාදය මෙය බවද සඳහන් වේ.

සොලෙයිමානි ගේ ඝාතනයෙන් පසු දෙපාර්ශවය අතර සාකච්ඡා පැවතියේ දුරකතන සංවාද තුළිනි.

එම දුරකතන සංවාද තුළදී ඉරානය තම කෝපය ප්‍රකාශ කළ අයුරු ද යුරෝපා සංගමයේ නිලධාරීන් මීට ඉහත දී ප්‍රකාශ කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි