×

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේ!

අඩි 600 ක් උස සර්දාර් පටෙල්ගේ ප්‍රතිමාව, ඔක්තෝබර් 31 වැනිදා නිරාවරණය කිරීමට නියමිත ය.


මීටර 182 ක් හෙවත් අඩි 600 ක් උස ලෝකයේ උසම ප්‍රතිමාව මේ වන විට ඉන්දියාවේ ඉදි වෙමින් තිබේ. එය, ඉන්දියානු නිදහස් සටනේ වීරයෙකු වන සර්දාර් වල්ලාභායි පටෙල් හෙවත්, සර්දාර් පටෙල්ගේ ප්‍රතිමාවකි. Sardar Patel

ඉන්දියාව මේ වාර්තාව කඩමින් නව වාර්තාවක් මෙසේ පිහිටුවීම සඳහා ඉන්දීය රුපියල් බිලියන 29.9 ක් වැය කරමින් සිටියි. එය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 430කට සමාන ය.

AFP

AFP

මෙය, ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පූර්ණ අනුමැතිය මත සිදුකරනු ලබන්නකි. ඔක්තෝබර් 31 වැනිදා එය නිරාවරණය කිරීමට නියමිත ය.

ලෝකඩ වලින් තැනෙන මෙය ඉදිකිරීම ආරම්භ කළේ 2013 වසරේදී ය. එය, ඇමරිකාවේ නිව්යෝක් නුවර ලිබර්ටි ප්‍රතිමාව මෙන් දෙගුණයක් උස ය. මීටර 153 ක් උස, එනම් ප්‍රතිමාවේ ළය ප්‍රදේශයට වන්නට නැරඹුම් කවුළුවක් ද මෙහි සකස් කර තිබේ.

මෙය ඉදිවන්නේ ගුජරාට් ප්‍රාන්තයේ හුදෙකලා ගම් ප්‍රදේශයක ය. එය මේ ප්‍රතිමාව නිරාවරණය කිරීමෙන් පසු ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

AFP

AFP

ලෝකයේ උසම ප්‍රතිමාව ලෙස මෙතෙක් සැලකුණේ චීනයේ මීටර 128 ක් උස Spring Temple Buddha ප්‍රතිමාවයි.

සර්දාර් පටෙල්ම තෝරාගත්තේ ඇයි?

“Statue of Unity” හෙවත් ‘‘සමගියේ ප්‍රතිමාව‘‘ යනුවෙන් හඳුන්වනු ලබන මෙය සඳහා ඉන්දියාව සර්දාර් පටලේම තෝරාගත්තේ ඇයි? අවම වශයෙන්, අවිහිංසාවාදයේ පියා ලොව පුරා සැලකෙන මහත්මා ගාන්ධි හෝ මේ සඳහා තෝරානොගත්තේ ඇයි?

එයට පිළිතුර තිබෙනුයේ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් දේශපාලනමය වශයෙන් ගුරුකොටගෙන ඇති හින්දුත්වවාදය ඇසුරෙනි.

AFP

AFP

හින්දු ජාතිකත්වය නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන න්‍යායපත්‍රයේ ඉහළින්ම පවතියි. ඔහු බලයට පැමිණි දා පටන් ඒ බව කදිමට දිස්විය. බලයට පැමිණීමට පෙර ද මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී මෝදි, සර්දාර් පටෙල් පිළිබඳ බෙහෙවින් කතා කළේය. ඔහු කීවේ, ‘‘සර්දාර් පටෙල් ඉන්දියාවේ ප්‍රථම අගමැති නොවීම පිළිබඳව සෑම ඉන්දියානුවෙකුම දුක්විය යුතුය‘‘ කියා ය. ඉන්දීය නිදහස් සටනේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ, නිදහස් ඉන්දියාවේ පළමු උප අග්‍රමාත්‍යවරයා ද වන සර්දාර් පටලේ ‘‘ඉන්දියාවේ යකඩ මිනිසා‘‘ (“Iron Man of India”) යනුවෙන් විරුදාවලි ලබන්නා ය. සර්දාර් පටෙල්ගේ උරුමය, ඉන්දියාවේ හින්දු ජාතිවාදී දේශපාලනඥයන් විසින් නිරතුරුවම සිය දේශපාලනයේදී වර නැගීම සිදු වේ. කොංග්‍රස් පක්ෂය හෙවත් නේරු පෙළපතේ දේශපාලනය කැපී පෙනීම අඩු කිරීමට නම් යොදා ගත යුත්තේ සර්දාර් පටෙල් වැනි අයෙකුගේ ප්‍රතිරූපය බවට භාරතීය ජනතා පක්ෂය තුළ විශ්වාසයක් තිබේ.

AFP

AFP

කම්කරුවන් 2500 ක් පමණ දෙනා මෙම ප්‍රතිමාව ඉදිකිරීම සඳහා යොදවා ඇති අතර, චීනය සමග එතරම් හොඳ හිතක් නැතත්, චීනයේ සිට පැමිණි සංක්‍රමණික කම්කරුවන් සිය ගණනක්ද මෙම ප්‍රතිමාවේ වැඩ කටයුතු සඳහා එක් වී සිටින ආකාරය දැකගත හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි