×

Computer Codes වලින් ටැටූ මවන අලුත්ම කලාව

කාලයක් අපරාධකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනන්‍ය ලකුණක් විදිහට සැලකුව පච්චා එහෙමත් නැතිනම් ටැටූ, නූතන ලෝකයේ විලාසිතාවක්.


Body Art එහෙමත් නැතිනම්, මිනිස් සම, කැන්වසයක් විදිහට යොදාගෙන සිදුකරන කලා නිර්මාණ අතර, ටැටූ කලාව ලෝකයේ ඉතාම ජනප්‍රියයි. සාමාන්‍යයෙන් ටැටූ කලාවේදී කරන්නේ තීන්ත වර්ගයක් යොදාගෙන යම්කිසි රූපයක් ඇඳීම. නමුත් පරිගණක කේත, එහෙමත් නැතිනම් Computer Codes පාවිච්චි කරලා ටැටූ නිර්මාණ කරන තරුණ ශිල්පියෙක් මේ වන විට ලෝක ප්‍රසිද්ධයි.

Instergram

Instergram

Instergram

ඔහුගෙ නම ඇන්ඩ්‍රියස් ව්‍රොන්ටිස් Andreas Vrontis. සයිප්‍රස් ජාතික ඔහු, 31 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ මේ නිර්මාණවලින් ඔහු කොයි තරම් දක්ෂයෙක්ද කියල ඔබටම තේරුම් ගන්න පුළුවන්.

සතුන්, මිනිසුන්, ශාක යනාදී හැම දෙයකම හැඩ තල ඔහු මතු කරගන්නේ පරිගණක කේතවලින්. ඒ වගේම ඔහු සම්මාන දිනූ ටැටූ ශිල්පියෙක් විදිහට අවුරුදු 8 ක පළපුරුද්දක් උසුළනනවා.

2015 අවුරුද්දෙදි ඇන්ඩ්‍රියස් ලෝක ප්‍රසිද්ධ වුණේ පරිගණක කේත වලින් සුපිරි බීට්ස්ල් ගායක ජෝන් ලෙනන්ගේ ටැටූ එකක් නිර්මාණය කර එය අන්තර්ජාලයේ පළ කිරීමත් සමගයි.

ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ඔහු සමග සම්බන්ධ වන්නටත් ඔහුගේ අලුත්ම නිර්මාණ ගැන සෝදිසියෙන් සිටින්නටත් ඔබට පුළුවන්. ඔහුගෙ Instregram ID එක තමයි, @tattoovrontis



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි