×

facebook ඇයි නිල් පාට ?

අපිට සමීපම ෆේස්බුක් ගැන අප නොදත් දේ....


“ෆේස්බුක්” facebook සමහරවිට ෆේස්බුක් නැති ජීවිතයක් ගැන හිතන්නත් බැරි තරමට එය ඔබේ ජීවිතයට සමීප වෙලා ඇති.ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් සොයා ගන්නත‍් බැරි තරම්.

ෆේස්බුක් ලෝකයට හඳුන්වා දෙන්නේ 2004 වර්ෂයේ . ඉතාම කෙටි කාලයක් තුළ ලෝකයේ සියල්ලන්ගේ සමීපතමයෙක් වෙන්න ෆේස්බුක් සමාජ ජාලයට හැකි වෙලා.

මේ වන විට ලොවපුරා ෆේස්බුක් පරිශිලකයන් ආසන්න වශයෙන් බිලියන 2කට වැඩියි.

ෆේස්බුක් ගැන දන්නා දේවල් අතරේ නොදන්නා දේවල්ද බෙහෝමයක් තියෙන්න පුළුවන්.

මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් නිර්මාතෘ . ඔහු ආරම්භ කෙරූ ෆේස්බුක් මේ වන විට පරිශීීකයන්ට තොරතුරු සන්නිවේදනයට, විනෝදයට ආදායම් මාර්ගයක් බවටද පත්වෙලා.

ෆේස්බුක් සඳහා ඩොලර් 500,000 ක මුල්ම අයෝජනය සිදු කරේ PayPal හි සම-නිර්මාතෘ පීටර් ටීල්(Peter Thiel) විසින්.

ෆේස්බුක් කියූ ගමන් අපට සිහිවන්නේ නිල් පැහැයයි. ඒ ඇයි ෆේස්බුක් හී ප්‍රාථමික වර්ණ සංයුතිය නිල් පැහැති විමට මුලික හේතුව වී ඇත්තේ මාර්ක් සකර්බර්ග් රතු – කොළ වර්ණ අන්ධතාවයෙන් පෙළිම බවයි කියැවෙන්නේ.

එමෙන්ම තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කර ගැනීමට ස්වේච්ඡාවෙන් සහභාගී වන පුද්ගලයින්ට අත්‍යවශ්‍යය වූ කරුණු දෙකක් වන ”විශ්වාසය” හා ”ආරක්ෂාව” සංඛේතවත් කරන වර්ණ සෙ සළකෙන්නේ  නිල් පැහැයි‍

ෆේස්බුක් අපි කවුරුත් දිනකට එක් වතාවක් හෝ භාවිත කරන “Like” button එක වෙනුවට මුලින් පැවතියේ වෙනම සංඛේත දෙකක් ඒ ෆේස්බුක් ඉන්ජිනේරුවෙක් වන ඇන්ඩෲ බොස්වර්ත් හා අනෙකුත් ඉංජිනේරුවන් විසින් මුලින්ම යෙදූ “Awesome” button එක නමුත් සකර්බර්ග් විසින් එය 2007 දී “Like” button ලෙස වෙනස් කළා..

ෆේස්බුක්හි පළ කරන ලද මුල්ම මුහුණත වන්නේ ද්විමය කේතයන්ගෙන් යුත් මිනිසෙකුගේ මුහුණක්. මුලින් එය කාගේ මුහුණදැයි පැහැදිලිව සොයා ගත නොහැකි වුවත් එය සුප්‍රසිද්ධ නළුවෙකු වූ අල් පැසිනෝගේ (Al Pacino) ගේ පෙනුම ගන්නා බව කාලීනව අනාවරණය වුණා.

ෆේස්බුක් අඩවිය තුල සියළුම සේවාදායකයන්ගේ දත්ත PETABYTES 300 ක් පමණ ගබඩා කර ඇත. එය අපට සිතාගන්නටත් බැරි තරම් දත්ත ප්‍රමාණයක් PETABYTE 1 කියන්නේ GIGABYTES මිලියන 1 ක්. හිතන්නකෝ එවිට PETABYTES 300 කියන්නේ කොතරම්ද කියලා .

එමනිසා මෙය ලොව විශාලම දත්ත ගබඩාවක් විදියට සළකන්න පුළුවන්.

ෆේස්බුක් අඩවිය තුල සෑම තත්පරයකදීම දළ වශයෙන් නව ගිණුම් 5ක් පමණ නිර්මාණය වන බව සඳහන්

ඒ එක්කම සෑම තත්පර 60ක් තුලදීම comments 510,000ක් , statuses 293,000ක් සහ photos 136,000ක් පමණ ගිණුම් හිමියන් විසින් ෆේස්බුක් අඩවිය තුලට එක් කරන බව හඳුනාගෙන තිබෙනවා.

මේ කොහෝම වුණත් මේ වන විට ෆේස්බුක් අඩවිය තුල ව්‍යාජ ගිණුම් මිලියන 83 ක් පමණ අඩංගු වන බව සොයාගෙන තිබෙනවා.

ෆේස් බුක් නිසා සිදුවන යහපත් මෙන්ම අයහපත් ක්‍රියා ගැන අපත් අසා තිබෙනවා.

මේ අයහපත් ක්‍රියා නැත්නම් අපරාධ කිහිපාකාරයකටම අපරාධ සිදුවෙනවා.

යම් පුද්ගලයකුගේ නමින් අසත්‍ය ගිණුම් තනා අනන්‍යතාව සොරාගැනීම,
අපහාස කිරීම සහ බාධාවන් සිදුකිරීම , වංචා ක්‍රියාවන්. පුද්ගලික තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම ආදී වංචා අපරාධ සිදුවෙනවා.

ෆේස්බුක් ගිණුම් තොරතුරු හොරකම් ගැනත් නොකියාම බෑ. මෑතකදී ඇමරිකානු ජනපති වරණයේදී ඇමරිකානු ජනතාව දහස් ණනකගේ තොරතුරු ෆේස් බුක හරහා සොරකම් කළ බව අනාවරණය වුණා.

එපමණක් නෙවෙයි ෆේස්බුක් නිසාමිනීමැරුම් සහ සියදිවි නසා ගැනීම් ලොව පුරා සිදුවෙනවා.

ෆේස්බුක් හරහා සිදු කරන බුද්ධිමය දේපළ සොරකමද ඉන් එකක්

මේ ආදී වූ ලෝකයේ සමහර රටවල් ෆේස්බුක් භාවිතය තහනම්.
උතුරු කොරියාව, චීනය, ඉරානය වැනි රටවල ෆේස්බුක් සම්පූර්ණයෙන්ම තහනම්.

නමුත් මෙම රටවල් තුල ෆේස්බුක් හා සමාන වෙනත් සමාජ ජාල පවතිනවා. ඉරානයේ “ක්ලූබ්”, චීනයේ “WeChat”, “Sina Weibo” මෙන්ම රුසියාවේ “VKontakte” මෙයට නිදසුන් වේ.

ඉන්දියාව, ඊජිප්තුව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි බොහෝ රටවල් මෙන්ම ශ්‍රි ලංකාවේද විවිධ හේතුන් නිසා කෙටි කාලයකට ෆේස්බුක් තහනම් වී තිබෙනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි