×

අලුත්ම පියාඹන කාරය – ‘කළු මැස්සා’ – BlackFly

පියාඹන වාහන හදන්න ලෝකය හරිම උනන්දුයි. විටින් විට ලෝකයේ ඒ සඳහා විවිධ උත්සාහ ගැනුණත් ඒවා අතරින් කල් පවතින විසඳුම් හෝ සාමාන්‍ය මිනිසුන්ට දරාගත හැකි ආරක්ෂාකාරී විසඳුම් ලැබෙනවා අඩුයි. ලෝකයේ සමාගම් ගණනාවක් අතර ‘හොඳම පියාඹන කාරයක්‘ නිපදවීම සඳහා ලොකු තරගයක් තිබුණත්, බොහෝ ආකෘති ගුවන් අධිකාරීන්ගේ අනුමැතිය ලබාගන්නට සමත් වන්නේ නැහැ.


BlackFly එහෙමත් නැතිනම් ‘කළු මැස්සා‘ ඊට වඩා වෙනස් බව BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය අද දිනයේ වාර්තා කරනවා.

කිලෝමීටර 40ක්, ඒ කියන්නේ සැතපුම් 25 ක් ඉහළ අහසේ පියාඹන්න පුළුවන් මෙම පියාඹන මෝටර් රථය ඇමරිකාවේ කැලිෆෝනියාවේදී මුල්ම වතාවට අහසට ගියා.

එහි වේගය පැයට සැතපුම් 62 ක්. (62mph). එය පැදවීමට ගුවන් නියමු බලපත්‍රයක් අවශ්‍ය වන්නේත් නැහැ. නමුත් නියමුවන් අනිවාර්යයෙන්ම FAA Private Pilot ලිඛිත විභාගය සමත් වීම සහ, ගුවන් යානා සමාගම විසින් නිර්දේශ කරන, යානාවට හුරු වීමේ පාඨමාලාව සම්පූර්ණ කළ යුතු වෙනවා.

මේක කොයි තරම් මිලද? සාමාන්‍ය SUV කාරයක මිලට මේ පියාඹන කාරයක් මිලදී ගන්නට පුළුවන්. ඒක බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වී තිබෙන කාරණයක්.

KITTY HAWK

ගූගල් සමාගමේ සම නිර්මාතෘවරයෙක් වන ලැරී පේජ් (Larry Page) කළු මැස්සා නිෂ්පාදනය සඳහා අරමුදල් ලබා දී තිබෙනවා. මෙය නිපදවා තිබෙන්නේ ඕපනර් කියන සමාගමේ පාලෝ ඇල්ටෝ (Palo Alto) විසින්.

ඉතා කෙටි කාලයකින් සිරස්ව ඉහළ නැගී ඉන්පසු සුමට ලෙස පියාසර කරන්නට කළු මැස්සාට පුළුවන්. එය විශේෂයෙන්ම නිපදවා තිබෙන්නේ තණ පිට්ටනි ආශ්‍රිතව සුමට භාවිතයක් සඳහා යි. ඒ කියන්නේ, තණකොළ පිට්ටනියක සිට මේ වර්ගයේ පියාඹන කාරයක් පහසුවෙන්ම ගුවන් ගත කරගන්නට පුළුවන්. කිසිම විදියකින් මේ මෝටර් රථයට මහා මාර්ගවල නම් ධාවනය වන්නට බැහැ.

‘කළු මැස්සා‘ හෙවත් බ්ලැක් ෆ්ලයි මෝටර් රියේ කුඩා නියමු කුටීරයේ ගමන් කරන්නට පුළුවන් එහි නියමුවාට පමණයි. ඒ නිසා ‘‘මිනිසෙක් සහිත ඩ්‍රෝන යානාවක්‘‘ විදිහට මේ ගුවන් යානය හඳුන්වා දිය හැකි බව විචාරකයන් කියනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි