×

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇත


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග සංචාරයට සමගාමීව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති අතර, මෙම හමුවේදී කලාපයේ ආතතීන් අවම කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ගැටුම තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ක්ෂණික සටන් විරාමයකට එළඹීමේ අවශ්‍යතාවය පිළිබඳව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇති බව පැවසේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, මැදපෙරදිග සංචාරයක් ආරම්භ කළ අතර, ඔහුගේ පළමු නැවතුම වුයේ, සෞදි අරාබියයි. ඉන් අනතුරුව ජෝදානය සහ ඊශ්‍රායලයේ ඔහු සංචාරය කරනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ සටන් විරාමක් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ඔහු එම සංචාරයේදී කලාපීය හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීමට ද



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි