×

පිරිමින් අභිබවා බැංකු ගිණුම් හිමිකාරත්වය කාන්තාවන් දරන රටවල් 6ක්

ලොව වඩාත් ක්‍රියාශීලී ලෙස බැංකු ගිණුම් පවත්වාගෙන යන කාන්තාවන් සිටින්නේ පිලපීනයේය.


පිරිමින්ට වඩා ගැහැණුන්ට වැඩි බැංකු ගිණුම් ප්‍රමාණයක් ඇති රටවල් මොනවාද‍ ?ආර්ජන්ටිනාව, ජෝර්ජියාව, ඉන්දුනීසියාව, ලාඕසය,මොන්ගෝලියාව, සහ පිලපීනය යන රටවල් හී කාන්තාවන්ට එරට පිරිමින්ට වඩා බැංකු ගිණුම් හිමි රටවල් බවට අනාවරණය වී ඇත.

ලෝක බැංකුවේ නවතම ගෝලීය මූල්‍ය වාර්ථාවට අනුව ලෝකයේ රටවල් 140ක වැඩි හිටියන් සිය බැංකුගිණුම් හසුරවන්නේ කෙලෙසදැයි යන්න අනාවරණය වී ඇත. එමෙන්ම ඔවුන් කොපමණ මුදලක් ඉතිරි කරනවාද,ණයට ගන්නවාද සහ අපදා කළමනාකරණය කරගන්නේ කෙසේදැයි යන්න පිළිබඳවත් මෙගින් සමීක්ෂණය කර ඇත. ලොව වැඩිහිටියන් මිලියන 500කට වඩා එනම් 69%ක් දෙනා හට බැංකු ගිණුම් පවතින බව ඒ අනුව අනාවරණය වී ඇත. ඒ ස්ථිර බැංකුවක හෝ ජංගම මූල්‍ය ආයතනයක ය .

නමුත් සමීක්ෂණ වාර්ථාවන්ට අනුව සමස්ථයක් වශයෙන්නේ කාන්තාවන් ගේ බැංකු ගිණුම් හිමිකාරත්වයේ ප්‍රතිශතය තවමත් පවතින්නේ සාපේක්ෂව පහළ මට්ටමකය. 2011 වසරේ සිටම මෙම තත්ත්වය වෙනස් නොවෙමින් පවතින බව ලෝක බැංකු වාර්ථාව පෙන්වා දෙයි.
මෙයට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ පවතින ලිංගික අසමානතාවයි. කාන්තා අයිතිවාසිකම් නොසලකා හරින ලොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් මූල්‍ය කටයුතු වලින් ඈත් කර තිබීමයි.

නමුත් 2011 වසරේ සිය සසඳන කළ ලොව වැඩි වශයෙන් ස්ත්‍රී පුරුෂ  අසමානතාවක් ඇති රටක් වන ඉංදියාන මේ වන විට යම් ප්‍රගතියක් ලබා ගෙන ඇති බව ලෝක බැංකු වාර්ථාව පෙන්වා දෙයි. මන්ද ඉන්දියාව ස්ත්‍රි පුරුෂ අසමානතාව 6%කින් අඩු වී ඇති බැවිනි. ඒ අනුව පුරුෂයින් 83%ක් විසින් බැංකු ගිණුම් පවත්වාගෙන යන අතර ඉන්දීය ස්ත්‍රීන්ගෙන් 77%කට බැංකු ගිණුම් පවතී.

නමුත් මෙම පුරුදු නැමියාව වෙනස් කරමින් ලොව විවිධ ලක්ෂණ වලින් සමන්විත රටවල් 6ක ස්ත්‍රීන්ගේ මූල්‍ය කටයුතු වල වැඩි වීමක් පෙන්වා ඇත‍. එම රටවල් 6 යුරෝපා, දකුණු ඇමරිකා, ආසියා මහද්වීප වලට අයත් රටවල් වේ. ඒවා නම් ආර්ජන්ටිනාව, ජෝර්ජියාව, ඉන්දුනීසියාව, ලාඕසය,මොන්ගෝලියාව, සහ පිලපීනය යන රටවල්ය‍

ලෝක බැංකු ප්‍රධානියෙකු වන ආර්ථික විශේෂඥ ආචාර්ය ක්ලැපර් පවසන්නේ විශේෂයෙන්ම පිලපීනය වැනි ආසියාතික රටවක මෙම වැඩිවීමට හේතුව වී ඇත්තේ විදේස් සේවයේ යෙදෙන කාන්තාවන් හේතුවෙන් බවයි. එමෙන්ම ලොව වඩාත් ක්‍රියාශීලී ලෙස බැංකු ගිණුම් පවත්වාගෙන යන කාන්තාවන් සිටින්නේද පිලපීනයේය. එයට හේතුව වී ඇත්තේද වැඩි පිලපීන කාන්තාවන් සංඛ්‍යාවක් විදෙස් රටවල සේවය කිරීමයි.

ලාඕසය හැරුණ විට අනෙකුත් රටවල් වල කාන්තාවන්ට පිරිමින්ට වඩා බැංකු ගිණුම් ඇත්තේ එරට රජයන් මඟින් ක්‍රියාවට නංවන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කාන්තාවන් වෙත ලබා දෙන නිසා බවද ඔහු පෙන්වා දෙයි. ඒ අනුව මොන්ගෝලියාවේ 43%ක් කාන්තාවන් එවැනි ප්‍රතිලාභ හා ගෙවීම් ලබා ගන්නා අතර පිරිමින්ගෙන් 24%කගේ පමණක් බැංකු ගිණුම් වල ඒවා තැන්පත් වේ.
නමුත් මෙවැනි ගිණුම් එනම් රජයෙන් ලැබෙන ප්‍රතිලාභ වැනි දෑ වෙනුවෙන් කාන්තාවන් විසින් ආරම්ඵ කළ ගිණුම් එම වැඩ සටහණින් පසු ක්‍රියා විරහිත වන බව ද ලෝක බැංකු වාර්ථාව මඟින් සනාථ වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි