×

ලොව විශාලතම න්‍යුටෙල්ලා නිෂ්පාදනාගාරය වසා දැමේ.

දෙවන ලෝක යුද්ධ සමයේදී ඉතාලියේ කෙකෝවා නිෂ්පාදනය අඩු වූ විට Pietro Ferrero නම් සූපවේදියා විසින් හේසල් ගෙඩි යොදා ගනිමින් මෙම ආහාරමය ඇතිරුම නිපදවන ලද්දේය.


චොකලට් සහ හැසල්නට් හෙවත් හේසල් ගෙඩි වලින් සෑදූ ආහාරමය ඇතිරුමක් වන න්‍යුටෙල්ලා නිපදවන නිෂ්පාදනාගාර අතරේ විශාලතම නිෂ්පාදානාගාරය වසා දමා ඇත. ඒ එම නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බාවය සම්බන්ධ ගැටළු පැන නැගීම හේතුවෙනි.

ප්‍රංශයේ විලර්ස් එකාලස් හී පිහිටි මෙම නිෂ්පාදන කම්හල වසා දමනු ලබන කාලය තුළ පසුගිය සමයේ නිපදවූ න්‍යුටෙල්ලා නිෂ්පාදනයන්හී ගුණාත්මක බව සම්බන්ධව ඇති වූ ගටළු පිළිබ විමර්ෂණයන් පැවැත්වෙනු ඇත‍

ලෝකයේ සෑම රටටකම ඉතා සුපසිද්ධ ආහාරමය ඇතිරුමක් වන න්‍යුටෙල්ලා මිලදී ගැනීමට දක්වන උනන්දුව හේතුවෙන් පසු ගිය වසරේ ප්‍රශයේ සුපිරි වෙළද සැල් ඉදිරි පිට පාරිභොගිකයන්ගේ කෝලහල පවා ඇති විය.

දෙවන ලෝක යුද්ධ සමයේදී ඉතාලියේ කෙකෝවා නිෂ්පාදනය අඩු වූ විට Pietro Ferrero නම් සූපවේදියා විසින් හේසල් ගෙඩි යොදා ගනිමින් මෙම ආහාරමය ඇතිරුම නිපදවන ලද්දේය. එතැන් පටන් අද දක්වාම න්‍යුටෙල්ලා දිනෙන් දින ඉහළ යන පරිභොජනය හේතුවෙන් නිෂ්පාදනා කර කිහිපයක් ලෝකය පුරාම පිහිටුවන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි