ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස මෙතෙක් සැලකුණු ලෝ‘රියල් (L’Oreal) රූපලාවණ්‍ය සමාගමේ හිමිකාරිය ලිලියන් බෙටන්කොට් (Liliane Bettencourt) මිය ගියාය. T
AFP
he world’s richest women
ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වූ ඇගේ ශුද්ධ වත්කම යූරෝ බිලියන 33 ක් හෙවත් පවුම් බිලියන 30 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 40 කි.
මේ සමගම, ලෝකයේ ධනවත්ම කාන්තාව යන විරුදාවලිය හිමි කර ගන්නේ කවුද? මේ BBC පුවත් සේවය ඒ ගැන පළ කළ වාර්තාවකි.
GETTY IMAGES
ලිලියන් බෙටන්කෝට්ගේ අභාවයත් සමග මේ කිරුළ හිමිවන්නේ ඇලිස් වෝල්ටන් (Alice Walton) හටයි. ඇගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 33.8 ක් හෙවත් පවුම් බිලියන 25 කි. මේ වසරේ පළ කළ ෆෝබ්ස් ධනවතුන්ගේ ලැයිස්තුවේ බෙටන්කොට් විසින් 14 වන තැන හිමිකර ගනිද්දී ඇය 17 වන තැන හිමිකරගෙන සිටියාය.
ඇලිස් වෝල්ටන් යනු ඇමරිකාවේ වෝල්මාට් සුපිරි වෙළඳසැල් ජාලයේ හිමිකරු වන සෑම් වෝල්ටන්ගේ එකම දියණියයි.
කෙසේ නමුත් ඇය මේ ධනය උපයා ගෙන තිබෙන්නේ පවුලේ ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් කලාව වෙත යොමුවීමෙන් වීම ද විශේෂත්වයකි. සෑම් වෝල්ටන්ගේ පුතුන් වෝල්මාට් සමගම කාර්ය බහුල වෙද්දී ඇය ඇමරිකානු කලාව සඳහා වන ක්‍රිස්ටල් බ්‍රිජස් කෞතුකාගාරයේ සභාපතිනිය බවට පත්වූවාය. එම කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ ඇගේ ගම වන ආර්කැන්සාස් ජනපදයේ ය.
GETTY IMAGES
ඩොලර් බිලියන 27 ක ශුද්ධ වත්කමකට හිමිකම් කියන ජැකලීන් මාර්ස් (Jacqueline Mars) සුප්‍රසිද්ධ මාර්ස් (Mars) සමාගමේ වසර 20 ක සේවා කාලයකින් අනතුරුව පසුගිය වසර වන තෙක්ම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක්ව සිටියාය. ඇය මේ වනවිට 77 හැවිරිදි ය.
මාර්ස් සමාගම ලෝකයේ 3 වැනියට විශාලතම රසකැවිලි නිෂ්පාදන සමාගමයි. ඇය, එහි නිර්මාතෘ වන ෆොරස්ට් ජුනියර්ගේ දියණිය වන අතර, මේ ධනස්කන්ධය ඇයට උරුම වූයේ සමාගම් හිමිකම හරහා ය.
ව්‍යවසායිකාවකට අමතරව ඇය මානව හිතවාදිනියක් ලෙසද වොෂින්ටන් ජාතික ඔපෙරාව සහ ජාතික ලේඛනාරක්ෂණාගාරයේ අධ්‍යක්ෂිකාවක ලෙස ද කටයුතු කරයි.
මරියා ෆ්‍රැන්කා ෆිසොලෝ (Maria Franca Fissolo) ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එක් වූ ප්‍රථම යුරෝපියානු කාන්තාවයි. ඇය සුප්‍රසිද්ධ Ferrero Rocher චොක්ලට් සමාගමේ හිමිකරු වු මයිකල් ෆෙරොරෝගේ වැන්දඹු බිරිඳ වේ. ඇය මොනොකෝ හි ජීවත් වන්නීය.
GETTY IMAGES
සුසාන් ක්ලැටන් (Susanne Klatten) BMW සහ ඖෂධ සමාගම්වල මුදල් ආයෝජනය කිරීම හරහා මෙම ධනය උපයාගෙන තිබේ. ජර්මානු ජාතික ඇය, මේ ලැයිස්තුවට එක් වී සිටින දෙවැනි යුරෝපියානු කාන්තාවයි.
ඇගේ දෙමාපියන් මිය ගිය විට Altana AG ඖෂධ සමාගමෙන් 50%ක කොටස් උරුමයක් ඇයට ලැබුණු අතර පසුව ඇය මුළු සමාගම ම මිලදී ගත්තාය. ඉන්පසු ග්‍රැෆයිට්, සූර්ය බලශක්ති නිෂ්පාදන සමාගම් යනාදී සමාගම් ගණනාවක් ඇය විසින් මිලදී ගෙන තිබේ. BMW සමාගමෙන් 50%ක කොටස් හිමිකාරිත්වයක් දරන්නේ ඇය සහ ඇගේ සහෝදරයන් විසිනි.
REUTERS
ලෝරින් පවෙල් ජොබ්ස් (Laurene Powell Jobs) ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ වැන්දඹු බිරිඳයි. ඇය සමාජ ප්‍රතිසංස්කරණ සහ පාරිසරික ගැටළු වෙනුවෙන් සටන් වැද සිටින්නීය. ඇපල් සමාගම තුළ ඇගේ කොටස් හිමිකාරිත්වය 0.7%කි. එයට අමතරව ඇය ඩිස්නි සමාගමේ ද 4%ක කොටස් හිමිකමක් දරන්නීය.
ඉහත දැක්වෙන කාන්තාවන්ට අමතරව එංලන්තයේ ධනවත්ම කාන්තාව කවුදැයි BBC පුවත් සේවය සොයා බලයි. එහි මුල්තැන මේ වන විට හිමිකරගෙන සිටින්නේ එක්සත් රාජධානියේ හිටපු රූ රැජිනක් වන කර්ස්ටි බර්ටරෙලි (Kirsty Bertarelli) විසිනි. ඇය මේ වන විට ඖෂධ සමාගම්වල සම හිමිකාරිනියක් වන අතර, ගායිකාවක හා ගීත රචිකාවක ලෙස ද කටයුතු කරන්නීය.