×

ලොව ළාබාලතම බිලියනපතිනිය LIVIA VOIGT!

19 හැවිරිදි Livia Voigt 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවටයි.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ෆෝබ්ස් සඟරාව විසින් ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව නම් කර ඇත.

මෙසේ ඇතුළත්ව තිබෙන්නේ, 19 හැවිරිදි Livia Voigt 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවටයි.

ඇයගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව සඳහන් වේ.

ලිවියා වොයිග්ට් මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ, ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස්හිමිකාරිය බවට ඇය පත්වීමත් සමගයි.

ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීම විශේෂත්වයක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි