×

හිස ඔසවා තාරුකා දෙස බලන්න. දෙවියන් වහන්සේ කියා කෙනෙක් නැත!

දෙවියන් වහන්සේ කියා කෙනෙක් නැත! - ලොව බිහිවූ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා අවසන් පොතෙන් හෙළිකරයි.


පසුගියදා අප අතරින් සමුගත් විශිෂ්ට ගණයේ භෞතික විද්‍යාඥයා වන ස්ටීවන් හෝකින් (Stephen Hawking) විසින් ලියන ලද අවසන් පොත, ඊයේ (16) ප්‍රකාශනයට පත් කෙරිණි.

ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ පවුලේ අය විසින් සම්පූර්ණ කළ බව කියන මෙම පොත මගින් පෘථිවිය මත ජීවිතයේදී ස්ටීවන් හෝකින්ස් වෙත ඉදිරිපත් වූ හෝ ඔහුගේ සිතේ නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු අන්තර්ගත වේ. පොතේ නම “Brief Answers to the Big Questions හෙවත් ‘විශාල ප්‍රශ්නවලට ලුහුඬු පිළිතුරු‘ යන්නයි.

දෙවියන් වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම මෙහිදී ස්ටීවන් හෝකින්ස් මගින් සිදුකරයි.

ඔහු විසින් කරන ලද සෙසු මතභේදාත්මක අනාවැකි හෝ සොයාගැනීම් අතර පිටසක්වළ ජීවීන් සැබවින්ම සිටින බව, කෘත්‍රිම බුද්ධියට මානව බුද්ධිය ඉක්මවා ක්‍රියාත්මක විය හැකි බව සහ කාලය හරහා යාත්‍රා කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඇතුළත් ය.

පසුගිය මාර්තු මාසයේ 76 හැවිරිදිව සිටියදී මිය ගිය ස්ටීවන් හෝකින්ස්, ඔහුගේ පරපුරේ අති දක්ෂ විද්‍යාඥයන් අතරින් එක් අයෙකි.

‘‘විශ්වය මෙහෙයවන දෙවියන් වහන්සේ කෙනෙක් නැත“ යනුවෙන් ස්ටීවන් හෝකින්ස් විසින් එහිදී  කියා තිබේ.

සිය ජීවිතයේ වැඩි කලක් amyotrophic lateral sclerosis (ALS) හෙවත් ස්නායු පිරිහීමේ රෝගයකින් (Lou Gehrig’s රෝගය) හේතුවෙන් ස්ටීවන් හෝකින් පීඩා වින්දේය.

ඔහු මිය ගියේ මෙම පොතෙහි වැඩ කටයුතු නිම කරමින් සිටියදී ය. පසුව ඔහුගේ මිතුරන් සහ පවුලේ අය විසින් ඔහුගේ දැවැන්ත පුද්ගලික ලිපි ලේඛන තොගය ආශ්‍රය කරගෙන එහි කටයුතු සම්පූර්ණ කර තිබේ.

ස්ටීවන් හෝකින් සිය ජීවිත කාලය පුරාම දෙවියන් වහන්සේ පිළිබඳ තමන් තුළ ඇති විශ්වාසය අඩු වෙමින් යන බව ප්‍රකාශ කරමින් සිටියේය.

එසේම ඔහු පවසා තිබෙන්නේ ඉදිරි වසර 100 තුළ අප සෞර ග්‍රහ මණ්ඩලයේ ඕනෑම ස්ථානයකට කාලය හරහා ගමන් කිරීමට සමත් වනු ඇති බවයි. කාලය හරහා යාත්‍රා කිරීම මිත්‍යාවක් නොවන බව ද ඔහු කියා තිබේ.

මහා විද්‍යාඥයාගේ දියණිය වන ලුසී හෝකින් පවසන්නේ මිනිසුන්ට මෙවැනි විශාල ප්‍රශ්නවලට කෙටි පිළිතුරු උවමනා වූ බව ඇගේ පියා දැන සිටි බවයි. ඒ නිසාම මෙම පොත රචනා කළ බව ද ඇය කියා සිටියි.

හෝකින්ස්, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය කැඩී යාමට ගත් තීරණය ද විවේචනය කළ අයෙකි.

elcomercio.pe

elcomercio.pe

මහා විද්‍යාඥයා දැඩි සැලකිල්ලක් දැක්වූ කාරණයක් වූයේ ‘‘අප කොතරම් බෙදී ගිය අය බවට පත්වී තිබේද“ යන්න පිළිබඳව බව ද ලුසී හෝකින් පැවසුවාය. ඒ නිසාම වටපිට බැලීමට අප කොතරම් අසමත් වී තිබේද යන්නත්, ඒ වෙනුවට අප අප දෙස බැලීමට දැඩි ලෙස යොමු වී ඇති බවත් ඔහු විටෙක පවසා තිබේ.

ස්ටීවන් හෝකින්ස් පිළිතුරු ලබා දී තිබෙන අවසන් ප්‍රශ්නය වන්නේ, ‘‘අප අපේ අනාගතය හැඩ ගස්වා ගන්නේ කෙසේද?“ “How do we shape the future?” යන්නයි. මේ ප්‍රශ්නයට පිළිතුර පොතේ අවසන් පරිච්ඡේදයේ අන්තර්ගත ය.

එහිදී හෝකින්ස් මෙසේ කියයි. ‘‘හිස ඔසවා තාරුකා දෙස බලන්නට මතක තබාගන්න. ඔබ බැලිය යුත්තේ ඔබේ පාදය දෙස නොවේ!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි