×

කුණාටුවෙන් ගෙට ආ ආදරය

සාමාන්‍යයෙන් කුණාටුවක් එන විට හැම කෙනෙක්ම ගෙදර දොර ජනෙල් වහ ගන්නවා. සමහරුන්ට වත්තෙ තියෙන පල වැල මතක් වෙනවා. නමුත් ඇම්ස්කොලී නමැති කාන්තාව, කුණාටුව ළඟම එන විට තමන්ගෙ ගෙදර පිටිපස්සෙ දොර, අසරණයන් තුන් දෙනෙකුට ගෙට එන්න ඇරල තිබ්බා.


ඇය මෙය හිතාමතාම කළ දෙයක් නෙවෙයි. නමුත් කුණාටුව එද්දි ඇය සාලයට ගියා. ඇය දැක්කෙ පුංචි මුවන් තුන් දෙනෙක් මේ විදිහට ගුලිවෙලා බය වෙලා බලන් ඉන්න ආකාරයයි.

ඇය ගෙදරින් එළියට ගිහින්, මුව අම්මා ළඟ පාතක ඉන්නවද කියා හොයල බැලුවා. නමුත් මුව මවකගෙ සේයාවක්වත් පේන්න තිබුණෙ නෑ.

Imgur / Amscolie

සොබා දහම එක්ක ළඟින්ම ඉන්න නිසාම, මුවන්ට මිනිසුන්ට වඩා පාරිසරික ව්‍යසන ගැන ඉවෙන් වගේ දැනෙන බව අපි හැම කෙනෙක්ම දන්නවා. ඉතින් මේ මුව පැටව් තුන්දෙනාත් අත ළඟ එන කුණාටුව නිසා ඉක්මනින්ම ආරක්ෂිත තැනකට යන්න තීරණය කරල තිබුණා.

Imgur / Amscolie
Imgur / Amscolie

මුව අම්මා කවදාවත් මේ පැටවුන් හොයාගෙන නැවත ආවේ නැහැ. සමහර විට ඔවුන්ට කුණාටුවෙන් අනතුරක් වෙන්න ඇති. මේ අතරවාරයේ මුව පැටවුන්ටත් ආපහු කැලේට යන්න කිසිම උවමනාවක් ඇති වුණේ නැහැ.

ඔවුන් මේ ගෙදර සාමාජිකයන් බවට පත් වුණා. මුව පැටවුන් බොහොම ආදරයෙන් නිවැසියන්ගේ තුරුලට වෙන්න පටන් ගත්තා. සුරතලයට ඇති කරන බලු පැටවා පවා උන්ගේ හොඳ මිතුරෙක් වුණා.

දෙසැම්බර් 31 වැනිදා නව අවුරුදු ප්‍රීතිය සැමරූ කණ්ඩායමක් විසින් මීගමුව නිවසක ඇති දැඩි කළ ‘චාලි‘ නමැති සුනඛයාට භූමිතෙල් දමා ඒ අසරණයාව පණ පිටින් පිළිස්සූ පුවත ලංකාවෙන් ඇසෙන මේ දිනවල, ලාංකිකයන්ටවත් වඩා බෙහෙවින් ජීවිතය සමරන, මත්පැන් බොන බටහිර ජාතිකයන් මේ මුව පැටවුන්ගේ කතාවේදී හැසිරෙන ආකාරය ඔබත් සිතා බලන්න…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි