×

හමාස් දේශපාලන නායක HANIYEH ගේ පුතුන් තිදෙනෙකු සහ මුනුබුරන් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

ඔහුගේ පුතුන් හමාස් හමුදා අංශයේ සාමාජිකයින් බව ඊශ්‍රායල හමුදාව පවසයි.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියා ගේ පුතුන් තිදෙනෙකු සහ මුනුබුරන් 4 දෙනෙකු ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව , එම සංවිධානය තහවුරු කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔවුන් ගමන් කරමින් තිබූ මෝටර් රථයට ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූ බවයි.

එම මෝටර් රථය ප්‍රහාරයට ලක්ව ඇත්තේ ගාසා නගරය ආසන්නයේ අල්ෂාටි කඳවුර අසල දීය.මොවුන්, රාමසාන් හි පළමු නිවාඩු දිනය සැමරීමට පවුලේ උත්සවයක් සඳහා සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.

ඔහුගේ පුතුන් හමාස් හමුදා අංශයේ සාමාජිකයින් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

මෙම ප්‍රහාරයත් සමග සටන් විරාම ගිවිසුමකට එළඹීම ඉලක්ක ‍කර ගනිමින්, හමාස් සංවිධානය සිදු ‍කෙරෙන සාකච්ඡාහි කිසිඳු ඉල්ලීමක් වෙනස් නොකරන බව හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි