×

ඉන්දියාව ටික් ටොක් තහනම් කිරීම හේතුවෙන් චීනයට විශාල පාඩුවක්!

චීනයට පසුව ටික්ටොක් යෙදවුම වැඩි වශයෙන් පරිශීලනය කරනු ලබන්නේ ඉන්දියානුවන් විසින්.


ඉන්දියාව විසින් පැනවූ තහනම හේතුවෙන් ‘ටික් ටොක්‘ යෙදවුම අයත් චීන සමාගමට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පමණ පාඩුවක් සිදුවිය හැකි බව එම සමාගම පවසා ඇත. චීනයට පසුව ටික්ටොක් යෙදවුම වැඩි වශයෙන් පරිශීලනය කරනු ලබන්නේ ඉන්දියානුවන් විසින්.

චීනය සමඟ හටගත් අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් චීන සමාගම්වලට අයත් අන්තර්ජාල යෙදවුම් 60කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දීය රජය පසුගියදා පියවර ගනු ලැබුණි. මෙම අර්බුදකාරී අවස්ථා අතරින් ප්‍රමුඛත්වයක් ගන්නා ලද්දේ ඉන්දියානු හමුදා භට පිරිසකට චීන හමුදා විසින් පහර දීමයි. මෙම සිදුවීමෙන් පසු ඉන්දියානු රජය වාර්තා කරන ලද්දේ චීන යෙදුම් ඔස්සේ පරිශීලකයාගේ පිහිටුම ඇතුළු බොහෝ දත්ත හා තොරතුරු මෙම යෙදවුම් සමාගම් විසින් සොරාගෙන අනිසි ලෙස භාවිතා කරන බවයි.

තහනමට ලක්වූ යෙදවුම් අතර විදේශයන්හි ජනප්‍රියම අන්තර්ජාල යෙදවුම ලෙස සැලකෙන ටික්ටොක් යෙදවුම ද වේ.

මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් ඉන්දීය පරිශීලකයින් විසින් ටික්ටොක් යෙදවුම භාගත කිරීම් මිලියන  611 ක් සිදුකර ඇති අතර එය පළමු කාර්තුවේ ලොව පුරා සිදුවූ භාගත කිරීම් සංඛ්‍යාවෙන් සියයට 30ක් පමණ වන බව සඳහන්.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි