×

අලුත්ම Facebook නවාංගය – දේශීය පුවත්වලට වෙනම news feed එකක්!

FB Posts මගින් දේශීය හා ප්‍රාදේශීය පුවත් දැන ගැනීම පහසු කිරීමට ෆේස්බුක් තුළම ඉඩ වෙන්කිරීමට තීරණය කර ඇත . එය නම් කර ඇත්තේ Today In යනුවෙනි.


මේවන විට මෙම දේශීය පුවත්ම පමණක් රැගත් ෆේස්බුක් පුවත් මාලාව (news feed) නමැති අලුත්ම නවාංගය පරීක්ෂණ මට්ටමේ පවතී. ඒ වෙනුවෙන් ඔවුන් නගර 6ක ෆේස්බුක් භාවිතා කරන්නන් භාවිතා කරයි. ලොස් ඇන්ජලිස් හී නිව් ඕලීන්ස්, ආකන්සස් හි ලිට්ල්රොක්, මොන්ටානා හී බිලින්ස්, ඉලිනොයිස් හී පියොරියා, වොශින්ටන් හි ඔලිම්පියා හා නිව් යෝර්ක් හී බින්හැන්ටන් එම නගර 6යි.

ෆේස්බුක් විසින් මෙම නවාංගයේ අන්තර්ගතයන් මතුපිටට සැකස්ම නිර්මාණයට යන්ත්‍ර ඉගෙනුම් මෘදුකාංග ( machine learning software) භාවිතා කරයි.

කෙසේ නමුත් කැමති ඕනෑම කෙනෙකුට මෙම නවාංගයට දායක වීමට හැකියාවක් නැත. ප්‍රවෘත්තිවල වගකිව යුතු භාවය සහ විශ්වාසනීයත්වය හැකි තාක් දුරට සුරැකීම පිණිස ඔවුන් විසින් ෆේස්බුක් අධීක්ෂණ කණ්ඩායමකින් ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුව තිබේ.

මෙම අධීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ NBC ප්‍රවෘත්ති කර්තෘ කැම්ප්බෙල් බ්‍රවුන් ය. මේ අනුව මෙම අලුත් නවාංගයේ පුවත් සහ දැන්වීම් පළ කිරීමට අවසරය ලැබෙන්නේ මෙම කණ්ඩායම විසින් අනුමත කරන දේශීය ප්‍රවෘත්තිකරුවන්ට පමණකි.

කෙසේ වෙතත්, මෙය ඇතැම්විට ෆේස්බුක් වෙතට මෙතෙක් එක් කළ නවාංගයන් අතරින් වඩාත්ම මතභේදාත්මක නවාංගය ද වීමට ඉඩ තිබේ.

” පසුගිය වසරේ එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසුව ව්‍යාප්ත වූ වගකීමක් රහිත තොරතුරු ව්‍යාප්ත වීම වැළැක්වීමට නිර්මාණය වුණු ෆේස්බුක් ජනමාධ්‍ය ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම “Today In” පුවත් මාලාව සැලකෙයි. “

මෙම උත්සාහයේ කොටසක් ලෙස මෙම වසරේදී ෆේස්බුක් සමාගම විසින් වෙනත් ප්‍රවෘත්ති හා ඒ සම්බන්ධ විශේෂාංගයන් කිහිපයක්ම පරීක්ෂා කර ඇත. මේ යටතේ දේශීය ප්‍රකාශකයන්ට පුවත් පළකිරීමේදී “හදිසි පුවත්”, බාහිර පරීක්ෂකයන් විසින් මතභේදයට ලක් කරනු ලබන පුවත් සඳහාද ලේබල් ලබා දෙයි.

මෙම කොටස ඔස්සේ ඉදිරියට ඔවුන් අදාල ප්‍රදේශ වල මාර්ග තදබද ලෙස ව්‍යාප්තව ඇති ආකාරය ආදී සියලූම ප්‍රාදේශීය පුවත් හා දැන්වීම් ෆේස්බුක් පරිශීලකයන් වෙත සමීප කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

මෙය පසුගිය මාස 18 පුරා ෆේස්බුක් සඳහා තේමාවක් විය.ඉන් ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් තවත් තොරතුරු රැසක් ව්‍යාප්ත වූ අතර, තම අසල්වැසියන් සදහා භාවිතා කරන ලද භාණ්ඩ විකිණීම සදහා හොඳ වෙළඳපොළක් නිර්මාණය කර ඇත.

නොවැම්බර් මාසයේදී ෆේස්බුක් විසින්, තනි ජංගම යෙදුමක් (app) ලෙස “Facebook Local” යෙදුම ස්ථාපනය කරන ලදී. එය අවන්හල් හා අවට වැදගත් ස්ථාන සොයා ගැනීමට යොදා ගැනුණි. “Today In” යනුවෙන් අප හමුවට ළඟදීම එන්නට සැරසී සිටින්නේ මෙහි ම වැඩිදියුණු කළ ආකෘතියකි.

දැනට පෙරකී නගර තුල පමණක් ක්‍රියාත්මක මෙය ඉතා ඉක්මනින් ලොව පුරා ව්‍යාප්ත කර ක්‍රියාත්මක කිරීමට බලාපොeරොත්තු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි