BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල නැවත ප්‍රමාද කරනවා වෙනුවට අවලංගු කිරීමට සිදුවනු ඇත!

2021 දී පැවැත්වීමට නොහැකි වුවහොත් කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු වන බව ක්‍රීඩා ප්‍රධානී යොෂිරෝ මෝරි පවසයි. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල 2020 ජූලි 23 සිට ලබන වසරේ එනම් 2021 අගෝස්තු 8 දක්වා කල් දැමීමට නියමිතය.

2021 දී පැවැත්වීමට නොහැකි වුවහොත් කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු වන බව ක්‍රීඩා ප්‍රධානී යොෂිරෝ මෝරි පවසයි. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල 2020 ජූලි 23 සිට ලබන වසරේ එනම් 2021 අගෝස්තු 8 දක්වා කල් දැමීමට නියමිතය.

කොවිඩ් -19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා එන්නතක් හෝ ඵලදායී ඖෂධයක් නොමැතිව ලබන ගිම්හානයේදී වුවද ක්‍රීඩා උළෙල පැවැත්විය හැකිද යන්න පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයින් සැක පහළ කර තිබේ.

ඔවුන් ක්‍රීඩා උළෙල 2022 දක්වා ගෙන යා හැකිදැයි ඇසූ විට මෝරි පිළිතුරු දුන්නේ “නොහැක” යනුවෙනි. “එවැනි අවස්ථාවකදී ඔලිම්පික් උළෙල අහෝසි වනු ඇත.” ඔහු කියා සිටියේය.

ජපානයේ වෛද්‍ය සංගමයේ සභාපති යොෂිටකේ යොකොකුරා ද අඟහරුවාදා කියා සිටියේ එන්නත් හෝ ඵලදායී ඖෂධ නිපදවීමකින් තොරව 2021 දී ඔලිම්පික් පැවැත්වීම දුෂ්කර බවයි. “ජපානයේ ඔලිම්පික් උළෙල පැවැත්විය යුතුද නැද්ද යන්න මම නොකියමි, නමුත් එය කිරීමට අපහසු වනු ඇත,” ඔහු පැවසීය. “ජපානයේ ආසාදන පාලනය කර ඇතත්, ලෝකයේ වෙනත් රටවල වසංගතය අවසන් නොවන්නේ නම් ක්‍රීඩා පැවැත්වීම තවදුරටත් දුෂ්කර වනු ඇත.”

බොහෝ විශේෂඥයන් අපේක්ෂා කරන්නේ 2021 මැද භාගය වන විට එන්නතක් නිර්මාණය කර ගත හැකි බවයි. නමුත් බොහෝ දෙනා පවසන්නේ එයද අවිනිශ්චිත බවයි.


G7 සමුළුව කාටද? මොකටද? ඔබ දැන ගත යුතුම තතු

සාගින්නේ මළත් – ප්‍රොපගැන්ඩාව උතුම් : K- Pop, විදෙස් චිත්‍රපට, ඇඳුම් පැළඳුම් හෝ විදෙස් මාධ්‍ය පරිහරණය කළොත් උතුරු කොරියාවේදී මරණ දණ්ඩනය !

ජනපතිගේ සෙවණට මුවා වූ පරිසර ඝාතකයා – බ්‍රසීල පරිසර ඇමති රිකාඩෝ සාල්ලේස්

ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වසර 2 කට අත්හිටුවයි ! – ”ඊළඟ වතාවෙ ධවල මන්දිරයෙදි බලාගමු” යැයි ට්‍රම්ප් කියයි !

බුර්කිනා ෆාර්සෝ රාජ්‍යයේ 100 දෙනෙකු මරා දැමූ භීෂණයක්

මානව වර්ගයාගෙන් 40%ක් පාරිසරික විනාශයේ ගොදුරු බවට පත් වෙද්දී 2021 ලෝක පරිසර දිනය සැමරේ

මෙවර වෝග් සගරාවේ කවරය සරසන මලාලා

මනුස්ස කමෙන් ලෝකය සොළවන සෙනගාලයේ පාපන්දු පුත්‍රයා – සජියෝ මනේ

error: Content is protected !!
error: Content is protected !!