×

ඩයනා කුමරියගේ ඉතාලි පෙම්වතා සමු ගනියි

බ්‍රිතාන්‍යයයේ ඩයනා කුමරිය සමඟ කලක් ප්‍රේමයෙන් වෙලී සිටි ඔලිවර් හෝර් (Oliver Hoare) අභාවප්‍රාප්ත වෙයි.ඔහුගේ ප්‍රේමයට ඇබ්බැහි වී සිටියාය.


අභාවප්‍රාප්ත වනවිට හැත්තෑ තුන් හැවිරිදි වියේ පසු වූ Oliver Hoare පිළිකා රෝගයෙන් කාලයක් පීඩා විඳිමින් සිටි බව සඳහන් වේ.

ඩයනා කුමරියට පෙම් කරන සමය වනවිට ඔලිවර් කලා කෘති අලෙවි කරන්නකු හැටියට නමක් දිනාගෙන සිටියේය. ඔහු ඉතා ප්‍රසන්න සහ කඩවසම් පුද්ගලයෙකි. ඩයනා කුමරිය සමඟ ප්‍රේම සබඳතා ඇතිකර ගත් ජේම්ස් හෙවිට්, ජේම්ස් ගිල්බේ, විල් කාර්ලින්ග්, ඩොඩී අල් ෆෙයාඩ් යන මේ සියලුදෙනාටම වඩා ආචාරශීලි සහ ප්‍රසන්නම පුද්ගලයා වූයේ ඔලිවර් බව බොහෝදෙනා අවිවාදයෙන් පිළිගනිති. හෙතෙම ඩයනා කුමරියට වඩා දහසය වසරකින් වැඩිමහල් ය. කුමරිය සහ ඔලිවර් අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වුණේ 1992දී පමණයැයි කියා බොහෝ තැන්වල සඳහන් වේ. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය සාමාන්‍ය ජනයා අතර එතරම් ප්‍රකට නොවිණ. සම්බන්ධය ආරම්භ වනවිට ඔලිවර්, චාර්ල්ස් කුමරුගේ සමීපතම මිතුරකුව සිටියේය. එපමණක් නොව ඔහු තිදරු පියෙකුව සිටි බවත් ප්‍රකට කාරණයකි. ඩයනා කුමරිය සමඟ සම්බන්ධයක් පැවැතියත් තම බිරියගෙන් නීතියෙන් වෙන්වීමේ අදහසක් ඔලිවර්ට තිබී නැත.

PA Images

PA Images

ඩයනා කුමරිය ඔහුට කෙතරම් තදින් පෙම් බැන්ඳේ ද යත් ඈ ඔහු සමඟ ඉතාලියේ ජීවත්වීමේ දවල් සිහිනයක නිමග්නව සිටි බව ඇගේ විශ්වාසවන්ත මිතුරියක වන බොව්කර් ආර්යාව වරක් පවසා තිබිණ.

Rex/ Shutter Stock

Rex/ Shutter Stock

කාටත් හොර රහසේ ඔලිවර්ව කෙන්සින්ග්ටන් මාලිගයට කැඳවාගෙන එන්නටත් කුමරිය එකල කටයුතු කර තිබුණාය. එලෙස මාලිගයට පැමිණි අවස්ථාවකදී මාලිගයේ අනතුරු ඇඟවීමේ සීනු නාදවීමත් සමඟම ඔලිවර්, ආරක්ෂක නිළධාරීන් අතටම හසුව තිබේ. ඒ වනවිට ඔහු අඩ නිරුවතින් මාලිගයේ ගසකට මුවවෙමින් සිට ඇත.

Rex/ Shutter Stock

Rex/ Shutter Stock

1994 පමණ වනවිට කුමරිය සහ ඔලිවර් අතර සම්බන්ධය බෙහෙවින් ඇල් මැරුණු තත්ත්වයකට පත්වෙමින් පැවැති බව සඳහන් වේ. මේ තත්ත්වය නොඉවසූ කුමරිය ඔලිවර්ගේ චෙල්සිහි නිවෙසට කන්කරච්චල් දුරකතන ඇමතුම් වර්ෂාවක් පතිත කළාය. එයින් කෝපයට පත් වූ ඔලිවර්ගේ බිරිය පොලිසියට පැමිණිලි කර ඇත. ඔලිවර්ගේ නිවසට පැමිණි දුරකතන ඇමතුම්වල අංක පරික්ෂා කළ පොලිස් නිළධාරීන්ට දැනගන්නට ලැබුණේ ඩයනා කුමරියගේ පෞද්ගලික දුරකතනයෙන් තුන්සිය වරක් පමණ ඇමතුම් ලැබී තිබුණු බවකි. කෙන්සින්ග්ටන් මාලිගය අවට දුරකතන ඇමතුම් මධ්‍යස්ථානවලින් තවත් ඇමතුම් විශාල සංඛ්‍යාවක් ඔලිවර්ගේ නිවෙසට ලැබී තිබිණ. පැමිණිලි විභාගය කෙසේ අවසන්වීද යන්න ගැන පැහැදිලි සඳහනක් නැත. එසේ වුවත් පසුව ආරංචි වුණේ ඔලිවර්ගේ ඉල්ලීම මත පැමිණිලි විභාගය අවසන් වූ බවකි.

මාස හයක හෝ මාස නවයක හෝ පමණ කාලයක් තමන් ඔල්වර්ට දුරකතන ඇමතුම් ලබාදුන් බව 1995 වසරේදී ඩයනා කුමරිය මාධ්‍යවේදී මාර්ටින් බෂීර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියාය. එහෙත් තමන් හිංසාකාරී ලෙස දුරකතන ඇමතුම් ලබා නොදුන් බව ඈ එහිදී දිගින් දිගටම කියා සිටියාය.

ඒ කියන අවධියේදී ඩයනා කුමරිය ගර්භනී තත්ත්වයෙන් පසු වූ බවත්, ගබ්සාවකට මුහුණදීමේ අවශ්‍යතාවයකින් පීඩාවට පත්ව සිටි බවත් රාජකීය චරිතාපදාන රචිකා කොලින් කැම්බෙල් වරක් කියා සිටියා ය.

ඉස්ලාමික කලා කෘති පිළිබඳ විශේෂඥ ඥානයක් ඔලිවර්ට තිබිණ. මේ නිසා ම ඔහුට ලොව ප්‍රධාන පෙළේ ඉස්ලාමික නායකයන් සමඟ කටයුතු කරන්නට අවස්ථාව හිමි විය. එසේ කටයුතු කරන්නට යෑමෙන්, කටාර් රාජ්‍යයේ ප්‍රබල දේශපාලනඥයකු වූ ෂෙයික් සෞද් අල් තානි සමඟ ඔහු 2005 වසරේදී විශාල ආරවුලක් ඇති කරගත්තේය. එයින් ඔලිවර්ට සෑහෙන අපකීර්තියක් විඳින්නට සිදු විණ.

Nobel/ Drapper

Nobel/ Drapper



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි