එරට රජය පවසන ආකාරයට වර්තමානය වන විට ඩොලර් බිලියන 7 කට අධික සයිබර් අපරාධ වලින් ලබා ගන්නා මුදල් ප්‍රමාණයක් මුදල් විශුද්ධිකරණයට මෙම සේවාව යොදාගෙන ඇත.
මෙය ‘ක්‍රිප්ටෝ කරන්සි’ සඳහා ද මිනිස්සුන් සුලබ වශයෙන් භාවිතා කර ඇත.
සඳුදා (අගෝ:08) දින සිට ටෝනාඩෝ කෑෂ් භාවිතය එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් තහනම් කරන ලදී.
‘ටෝනාඩෝ කෑෂ්’ ඇතැම් පුද්ගලයන් විසින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා නීත්‍යානුකූල ක්‍රමයක් ලෙස භාවිතා කරන බව පැවසූව ද ඇමරිකානු රජය පවසන්නේ එය “හොරකම්, කප්පම් මෘදුකාංග යෝජනා ක්‍රම, වංචා සහ වෙනත් සයිබර් අපරාධ සඳහා පහසුකම් සැලසීම” ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් රාශියකට අඩිතාලමක් දමන බවයි.
රොනින් වෙතින් ඩොලර් මිලියන 615 ක ටෝකන ප්‍රමාණයක්, හාර්මනි වෙතින් ඩොලර් මිලියන 100ක ප්‍රමාණයක් ආදී ක්‍රිප්ටෝ මංකොල්ලකෑම් සදහා මෙම ටෝනාඩෝ කෑෂ් භාවිතා කර ඇත.
එමෙන්ම වියට්නාමය, උගන්ඩාව, බංග්ලාදේශය, වෙනිසියුලාව ආදී රටවල් වල ද මෙම නීත්‍යානුකූල නොවන මුදල් හුවමාරු අත්හිටුවා ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ද මෙම ක්‍රිප්ටෝ කරන්සි භාවිතය නීත්‍යානුකූල නොවන අයුරින් සිදුවන අතර තරුණ තරුණියන් විශාල වශයෙන් මෙය තමන්ගේ ජීවනෝපාය කරගෙන අවසන් ය. මෙමඟින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ද මෙය අසාධුලේඛන ගත වීමට වැඩි ඈතක් නොවන බවයි.
නිපුනි ලියනගේ