×

ඔබ ආරම්භක කැමරා ශිල්පියෙක්ද? අලුත් කැමරාවක් ගන්න හිතනවාද?

ඔබගේ පළමු කැමරාව තෝරා ගැනීමේ ක්‍රියාවලියට අත්වැලක්;


ඔබගේ පළමු කැමරාව තෝරා ගැනීමේ ක්‍රියාවලිය, ස්මාර්ට් ජංගම දුරකතනයක් වූ, ඉවත දැමිය හැකි දෙයක් නොවූ, බැරෑරුම් ඡායාරූප ශිල්පියෙකු අගය කිරීමකින් පිළිගත හැකි දෙයක් වූ- ඔබේ පළමු කැමරාව තෝරාගනීම – අමුතු ලොකු දෙයක් ලෙස ඔබට දැනීම සාමාන්‍යය.

දැනගැනීමට බොහෝ දේ ඇත. ඔබට අවශ්‍ය point-and-shoot මාදිලියේ එකක්ද? නැතිනම් DSLR එකක්ද? ෂටර වේගය shutter speed, විවරය aperture, සහ එකිනෙකට හුවමාරු කළ හැකි කාච interchangeable lenses පිලිබද ඔබගේ අවශ්‍යතා කෙබදුද?
කලබල නොවන්න. තෝරාගැනීම එතරම් සංකීර්ණ නැත.

පහත විස්ත්‍ර කෙරෙන කැමරා සියල්ලම ආරම්භක ඡායාරූප ශිල්පීන් සඳහා විශේෂයෙන් සුදුසු වන අතර විවිධ ඡායාරූප ශෛලීන් සඳහා භාවිතා කළ හැකිය. ඒවා තැනතැන රැගෙන යාම සාපේක්ෂව පහසුය, එබැවින් ඒවා විශිෂ්ට සංචාරක සහකරුවෙකු ලෙස හැදින්විය හැක.

Nikon D3500

තියුණු, පැහැදිලි ඡායාරූප වෙනුවෙන් නිකොන්ගේ නවතම ආරම්භක කැමරාව වන්නේ D3500 කැමරාවයි. මාර්ගෝපදේශ මාදිලියක් සහ පහසු ඡායාරූප හුවමාරුව සහ බෙදාගැනීම සඳහා වයිෆයි සහ බ්ලූටූත් වැනි අංගයන් සහිත නිසා මෙය පරිපූර්ණ ආරම්භක DSLR කැමරාව ලෙස හදුන්වා දෙයි. මෙම කට්ටලය කැමරාව, පහසු සංචාරක බෑගය handy travel case, 32GB මතක කාඩ්පතක් 32GB memory card, විශාලන කාච zoom lenses, පෙරහන් කට්ටලයක් filter kit සහ LCD / කාච පෑනක් LCD/lens pen සමඟ පැමිණේ. මෙය ආසන්න වශයෙන් ඩොලර් 504.00 කට පමණ ලබාගත හැකිය.

Olympus Tough TG-6

වචනයෙන් පරිස්මාප්ත අර්ථයෙන්ම මෙය Tough කැමරාවකි. ජලරෝධකතාව, දූවිලි රෝධකතාව, අයිස්‍ රෝධකතාව, මීදුම නොබැදීම මෙහි සුවිශේෂී ලක්ෂණ වේ. මෙම කැමරාව කඳු නැගීම, ඔරු පැදීම ආදී ඕනෑම අභියෝගාත්මක ඡායාරූප ගැනීමකදීම භාවිතා කළ හැකිය. පරිශීලකයින්ට macro shooting modes හතරක් සහ දිය යට ඡායාරූපගැනීමේ ක්‍රම පහක් මේ ඔස්සේ භුක්ති විඳිය හැකිය. මෙය ආසන්න වශයෙන් ඩොලර් 399.00ක් පමණ වේ.

Canon EOS Rebel SL3 / 250D

වෙළඳපොලේ ඇති හොඳම ආරම්භක DSLR කැමරාවන්ගෙන් එකක් වන මෙම කැමරා කට්ටලයට SD කාඩ් , විශාල ට්‍රිපෝඩ්, ෆිල්ටර් කට්ටලයක් සහ පුළුල් කෝණ කාච වැනි උපාංග ඇතුළත් වේ. වීඩියෝව රූගත කිරීම සඳහා කැමරාවම විශිෂ්ටයි. එහි UHD 4K24p වීඩියෝ කිරීමේ හැකියාව සහ 4K ටයිම්-ලැප්ස් 4K time-lapse වීඩියෝ කිරීමේ හැකියාව ආදී විශේෂාංග ඇත. වයිෆයි සහ බ්ලූටූත් සහ ස්පර්ශක තිරයක් ද ඇත. මිල ඩොලර් 649.00 පමණ වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි