×

ට්‍රම්ප් චීන-ඇමරිකා වෙළඳ යුද්ධය තීව්‍ර කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගතවූ කාලය පුරාම දියත් කළ චීනයට එරෙහි වෙළඳ යුද්ධය තවදුරටත් උග්‍ර කරමින් සිටියි.


ඒ අනුව ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් චීනයෙන් ගෙන එන භාණ්ඩ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 200 ක අධික බද්දක් පනවා ඇත. සැප්තැම්බර් 24 වැනිදා පටන් ක්‍රියාත්මක වීමට නියමිත එය, 10%ක බදු වැඩිවීමකි.

මේ වසර මුලදී ට්‍රම්ප් මෙම වෙළඳ යුද්ධය පටන් ගත්තේ ඩොලර් බිලියන 50 ක බද්දක් ගැසීම මගිනි. ඒ අනුව එම බද්ද, මාස 8 ක් තුළ 4 ගුණයකින් ඉහළ දමා තිබේ.

මෙම බදු ගැසීම, 2018 වසර අගභාගය වන විට 25%ක් දක්වා ඉහළ දැමීමට ද නියමිත ය. ඒ අනුව මේ වසර අග පටන් ඇමරිකාව තුළ ඇති චීන භාණ්ඩවල මිල, ඇමරිකානුවන්ට දරා ගැනීමට නොහැකි පරිදි ඉහළ යනු ඇත.

ඇමරිකාව පවසන්නේ චීනය විසින් ලොව පුරා පවත්වාගෙන යන වෙළඳ ඒකාධිකාරය බිඳ හෙළීමේ අරමුණින්, ඔවුන්ගේ අසාධාරණ වාණිජ භාවිතයන් (උදා-බුද්ධිමය දේපළ සොරකම) වලට දඬුවමක් වශයෙන් මෙසේ සිදුකරන බවයි.

කෙසේ නමුත් මෙය ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්තියට අහිතකර ලෙස බලපෑ හැකි බවට බොහෝ විවේචන එල්ල වෙමින් තිබේ.

ඇමරිකානු වාණිජ මණ්ඩලය (The U.S. Chamber of Commerce) දැනටමත් මෙම බදු ප්‍රතිපත්තිය විවේචනය කරන්නේ, ‘‘ට්‍රම්ප් පරිපාලනයට ඇමරිකානු පාරිභෝගිකයන් සහ ඇමරිකානු ව්‍යාපාර කෙරෙහි එයින් එල්ලවන අනතුරුදායක අනතුරු ඇඟවීම් සමග සාර්ථක ලෙස ගනුදෙනු කිරීමට තමන් අසමත් බව තවදුරටත් පෙන්වා දෙමින් සිටිනවා“ යනුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි