ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නැවතත් එකිනෙකා හමු වී සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.
ඊයේ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ නියෝජිතයෙකු වන එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී කිම් යොන් චොල් ඇමෙරිකාවට පැමිණ ඇමරිකානු රාජ්‍ය ලේකම්, ආරක්ෂක ලේකම් මයික් පොම්පේ සහ ඉන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා සිදු කිරීමෙන් අනතුරුවය.
මෙම සාකච්ඡා වියට්නාමයේ , හැනෝයි, බැන්ග්කොක් සහ හවායි යන තැන්වලදී පැවැත්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්ථා කළද ඉදිරියේදී ඒ පිළිබදව නිශ්චිත ස්ථානයක් නම්කරනු ඇත.
පෙබරවාරි අග භාගයේ පැවැත්වීමට නියමිත මෙම හමුවේදීත් නායකයන් දෙදෙනා න්‍යෂ්ටික අවිහරණය පිළිබදව සාකච්ඡා කරනු ඇති බව රාජ්‍ය ලේකම් සාරා ඇන්ඩර්සන්ගේ නිවේදනයේ දැක්වේ.
පෙර වසරේ ජූනි මාසයේ කිම් සහ ට්‍රම්ප් අතර පළමු හමුවේදී ද න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධව සාකච්ඡා කෙරුණද උතුරු තොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීම් දිගින් දිගටම සිදු විය.