×

ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරිය හැකිද?

ඒ අනුව එළඹෙන දෙසැම්බර් මස 20 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප්ට එරෙහිව පවතින චෝදනාවන් විහාගයට ගනු ඇත.


ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටියදී සිදුකළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය හැකිද යන්න තීරණය කරන ලෙස ට්‍රම්ප් මහතාට එරෙහි අපරාධ විමර්ශන දෙකක් අධීක්‍ෂණය කරන විශේෂ නීති උපදේශක ජැක් ස්මිත් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපති මුක්තිය පිළිබඳ ට්‍රම්ප් මහතාගේ ප්‍රකාශයන් ගැඹුරු ලෙස වැරදි බවත්, ඒවා නිශ්චිතවම විසඳිය හැක්කේ මෙම අධිකරණයට පමණක් වන බවත්ය.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් මස 20 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප්ට එරෙහිව පවතින චෝදනාවන් විහාගයට ගනු ඇත.

2020 මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සහ කිරීමේ කුමන්ත්‍රණයක්, එක්සත් ජනපද රජයට වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු අපරාධ හතරක් සම්බන්ධයෙන් ෆෙඩරල් චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප්ට මාර්තු මාසයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවන අතර, ඔහුගේ නීතීඥයින් නැවත නැවතත් තර්ක කළේ හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ නිල වගකීම්වලට අදාළ හැසිරීම සම්බන්ධයෙන් අපරාධ චෝදනාවලට මුහුණ දිය නොහැකි බවයි.

කෙසේ නමුත්, ට්‍රම්ප් මහතාගේ නඩු විභාගයන් 2024 නොවැම්බර් මැතිවරණය තෙක් ප්‍රමාද කරන්නේ නම්, ඔහුගේ නඩුව විසඳා ගැනීමට පෙර හිටපු ජනාධිපතිවරයාට නැවත ධවල මන්දිරයට පැමිණීමේ හැකියාව මතු කරණු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි