×

රිපබ්ලිකන් ප්‍රමුඛ සෙනට් සභාව ගැන ට්‍රම්ප් දැඩි විශ්වාසයෙන්!

ඉහත දෝෂාභියෝගය ගොනුවූයේ ඩිමොක්‍රටික් පාර්ශවය විසින් වන අතර, මේ පිළිබඳ පළමු වරට ප්‍රසිද්ධියේ නිවේදනය කරන ලද්දේ කතානායිකා නැන්සි පෙලෝසි විසිනි.


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට එරෙහි ව ගොනුවූ දෝෂාභියෝග නඩුව පසුගිය දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Representatives) වැඩි ඡන්ද ප්‍රමාණයකින් අනුමත වීමෙන් අනතුරුව සෙනට් සභාවේ මත විමසීමට ඉතිරිව පවතී.

මේ අතර, තමාට එරෙහි ගොනුවී ඇති දෝෂාභියෝග නඩුව සෙනට් සභාවට වහාම කැඳවන ලෙස ට්‍රම්ප් මහතා නිවේදනය කොට තිබේ. ඩිමොක්‍රටික් ප්‍රමුඛ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ අදාල දෝෂාභියෝග නඩුවට වැඩි ඡන්ද ප්‍රමාණයකින් අනුමත වූවද රිපබ්ලිකන් ප්‍රමුඛ සෙනට් සභාව තුළ බොහෝ විට පරාජය වීමට ඉඩ ඇති බවට බොහෝ දෙනා ගේ මතයයි.

මේ පිළිබඳ ට්‍රම්ප් මහතා දැඩි විශ්වාසයකින් පසුවන බව පෙනී යයි.

ඉහත දෝෂාභියෝගය ගොනුවූයේ ඩිමොක්‍රටික් පාර්ශවය විසින් වන අතර, මේ පිළිබඳ පළමු වරට ප්‍රසිද්ධියේ නිවේදනය කරන ලද්දේ කතානායිකා නැන්සි පෙලෝසි විසිනි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නඩු කැඳවීමේදී බලය අයුතු ලෙස භාවිත කළේ යැයි ගොනුවූ චෝදනාවට පක්ෂව 230 ට 197 ක් වශයෙන් සම්මත වූ අතර, කොංග්‍රසය අභිබවමින් යුක්‍රේනය සම්බන්ධව කටයුතු කළේය යන චෝදනාවට 229 – 198ක් වශයෙන් සම්මත විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි