×

ට්‍රම්ප් නීතිපති ව අස් කරයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නීතිපති ජෙෆ් සෙෂන් ව ධුරයෙන් ඉවත් කර තිබේ.


‘‘අපි නීතිපති ජෙෆ් සෙෂන් ට ඔහුගේ සේවය වෙනුවෙන් සුබ පතනවා.“ යැයි එයින් නොනැවතුණු ට්‍රම්ප් ඊයේ මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළේය. Trump fires Attorney General Jeff Sessions

මේ වන විට පෙනී ගොස් තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් සහ රුසියාව අතර තිබෙන සම්බන්ධය ගැන සෙවීමේදී ජෙෆ් සෙෂන්ගේ භූමිකාව පිළිබඳව ට්‍රම්ප් පසුගිය කාලයේදී මහත් ගැටළුවකට මැදි වී සිටි බවයි.

කෙසේ නමුත් ජෙෆ් සෙෂන් යනු මුල් කාලයේදී ට්‍රම්ප්ගේ දැඩි හිතවාදියෙකු ලෙස සිටි අයෙකු වන අතර, මේ හිටපු ඇල්බාමා සෙනෙට් සභිකයා, ට්‍රම්ප් ජනාධිපති ධුරය සඳහා සුදුසු බව මුලින්ම කියා සිටි සෙනෙට් සභිකයා ද වේ.

කෙසේ නමුත් ඔහු විසින් දිනයක් දමා නැති කොළයක තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ට්‍රම්ප් වෙත කලින්ම භාර දී ඇති බව ද සීඑන්එන් පුවත්සේවය වාර්තා කරයි.

‘‘නීතිපතිවරයා වශයෙන් මා කටයුතු කළ කාලයේදී වඩාත්ම වැදගත් දෙය වුණේ, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමට අප කටයුතු කළා.“ යැයි ට්‍රම්ප්ට ස්තූති කරමින් සෙෂන් පවසයි. ධවල මන්දිරයෙන් ලැබෙන තොරතුරුවලට අනුව ට්‍රම්ප්ගේ සමීපතමයෙකු විසින්, ට්‍රම්ප්ට පරාජය අත්කර දුන් ඇමරිකානු මධ්‍ය වාර මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ ඊයේ දිනයේ, ඒ සම්බන්ධ පුවත්පත් සාකච්ඡාව පැවැත්වීමට පෙර සෙෂන් ට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

සෙෂන් පසුගිය වසරේදී රුසියානු අතපෙවීම ගැන සිදුකෙරෙන මුලර් පරීක්ෂණයට සම්බන්ධ නොවී සිටීමට ද මීට පෙර කටයුතු කර තිබේ. වාර්තාවලින් කියැවුණේ මේ සඳහා ද ට්‍රම්ප්ගේ සම්බන්ධයක් තිබූ බවයි.

සෙෂන්ගේ ධුරයට තාවකාලිකව, ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන මැතිව් විටේකර් ව පත් කරන බව ද ට්‍රම්ප් දැනටමත් කියා තිබේ. මැතිව් විටේකර් යනු, රුසියානු අත පෙවීම සම්බන්ධ පරීක්ෂණය බෙහෙවින් විවේචනයට ලක් කළ අයෙකි.

මේ අතර, මෙවර මධ්‍යවාර මැතිවරණයෙන් කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණි ඩිමොක්‍රටික් පක්ෂය, ජෙෆ් සෙෂන්ව ඉවත් කිරීම නිසා මහත් කැළඹීමට පත්ව සිටිති.

ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් නායක චක් ෂූමර් මෙසේ ට්වීට් කර ඇත.

‘‘පැහැදිලිවම, ජනාධිපතිවරයාට හැංගීමට යමක් තිබේ.“

මේ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ නායක නැන්සි පෙලොසි මෙසේ පවසයි. ‘විශේෂ නියෝජිත මුලර් විසින් සිදුකරන විමර්ශනය යට ගැසීම සහ එය අවසන් කිරීම සඳහා ට්‍රම්ප් විසින් ගත් තවත් අශෝභන උත්සාහයක් ලෙස මිසක් වෙනත් විදිහකට මේ අස් කිරීම විග්‍රහ කළ නොහැකියි“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි