×

ට්‍රම්ප්ට විරුද්ධව දෝෂාභියෝගය සූදානම් !

හෙට දිනයේ (අඟහරුවාදා) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයක් මගින් ධුරයෙන් ඉවත් කිරීමට සෙනෙට් සභාව සූදානමින් සිටියි


මෙවර මැතිවරණයෙන් බහුතර බලය දිනාගත් ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් එහි ජ්‍යේෂ්ඨයෙක් කියා සිටියේ නීත්‍යානුකූල ලෙස ධුරයෙන් ඉවත් වීමට නියමිත ජනවාරි 20 ට පෙර ට්‍රම්ප් ව ඉවත් කිරීම සඳහා හෙට උදෑසන සිට තමන් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිනා බවයි. කැපිටල් හිල් හි පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩතාවයන් සහමුලින්ම ට්‍රම්ප්ගේ උසිගැන්වීම් මගින් සිදුවීම මෙයට හේතුවයි. පස් දෙනෙක් මෙහිදී මරණයට පත් වූහ.

මේ අතර සෙනෙට් සභාවේ තවත් ජ්‍යේෂ්ඨයෙකු වන ජේම්ස් ක්ලයිබර්න් පවසන්නේ මේ සතිය තුළ ට්‍රම්ප්ව දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීමට සියලු කටයුතු සූදානම් බවයි.

කථානායිකා නැන්සි පෙලොසි ද 25 වන සංශෝධනයේ 4 වැනි වගන්තිය යටතේ මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව පවසා ඇති අතර, ඇය ලිඛිතව දැනුම් දී තිබෙන්නේ පැය 24 ක් ඇතුළත මෙයට උප ජනපති මයික් පෙන්ස් ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අදහසක් පළ කර නැත. බොහෝ විට එයට හේතුව විය හැක්කේ ඔහුට සිය ට්විටර් ගිණුම ඇතුළු සියලු සමාජ ජාල ප්‍රවේශයන් මේ වනවිට අහිමි කර තිබීමයි.

ට්‍රම්ප් ද අයත් වන රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් ද ට්‍රම්ප්, දෝෂාභියෝගය ගෙන ඒමට පෙර ඉල්ලා අස්විය යුතු බව පවසමින් සිටියි. මෙවර ඇලස්කාව සඳහා තේරී පත් වී සිටින ප්‍රථම රිපබ්ලිකානු සෙනෙට් සභිකාව වන ලීසා මුර්කොව්ස්කි ද පවසා තිබෙන්නේ ට්‍රම්ප් දැන් ගෙදර යා යුතු බව ය. හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාර ආර්නෝර්ඩ් ස්‍වෙෂනගාර් ද ට්‍රම්ප් ව සමාජ ජාල වීඩියෝවක් මගින් හඳුන්වා දී තිබුණේ ‘එදා මෙදාතුර බිහිවූ නරකම ජනපතිවරයා‘ ඔහු ය යනුවෙනි.

කෙසේ නමුත් ට්‍රම්ප් මේ කිසිවක් ගණන් නොගන්නා නිසා හෝ ගණන් නොගන්නා බව පෙන්වීමට අවශ්‍ය නිසා තවදුරටත් සිය රාජකාරිවල නියැළෙමින් සිටියි. ඉරිදා දිනයේ ඔහු ටෙක්සාස් බලා ගොස් තිබුණේ මෙක්සිකෝ දේශසීමා තාප්පයේ පරිපාලනමය වැඩකටයුත්තක් සඳහා ය.

පෙර ලිපි

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සදහටම අහිමි වෙයි. ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, ස්නැප්චැට් ගිණුම් ද දින නියමයක් නැතිව අත්හිටුවයි

මගේ බාප්පා අස්ථාවරයි. ඔහුව වහාම ඉවත් කළ යුතුයි – මේරි ට්‍රම්ප්

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි