×

නිව්යෝර්ක් නඩුව ඉවත් කරන ලෙස ට්‍රම්ප් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

නඩු විභාගය අවසන් වන තුරු ඔහුගේ දේපළ වෙළඳාම් කිරීමේ හැකියාව නැවතා ඇත.


හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නීතිපති ලෙටිෂියා ජේම්ස් පසුගිය සැප්තැම්බර් මාසයේදී 2011 සහ 2021 අතර කාලය තුළ ඔහුගේ ශුද්ධ වටිනාකම සහ වත්කම් වටිනාකම් ගැන වංචනික තොරතුරු ඉදිරිපත් කළ බවට, ඔහුගේ වැඩිහිටි පුතුන් දෙදෙනා සහ ට්‍රම්ප් සංවිධානයට චෝදනා හොනුකරන ලද නඩුව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති අභියාචනය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂප කර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව මුල් වරට පසුගිය සඳුදා ඇරඹුණු අතර විනිසුරු ආතර් එන්ගොරොන් විසින් හිටපු ජනාධිපතිවරයා සහ ට්‍රම්ප් සංවිධානයේ සේවය කරන අනෙකුත් අයට මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනාවන් විභාග කරනු ලැබූ අතර නඩු විභාගය අවසන් වන තුරු ඔහුගේ දේපළ වෙළඳාම් කිරීමේ හැකියාව නැවතා දමන ලදී.

ඒ අනුව, නඩුව නැවතවර කැඳවීම එළඹෙන අඟහරුවාදා(10) සිදුවනු ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි