×

ඔබාමාගෙන් ට්‍රම්ප්ට කනේ පහරක්!

ඇමෙරිකාවේ ජනාධිපතිධුරය තවත් එක් "රියැලිටි වැඩසටහනක්" ලෙස වත්මන් ජනාධිපතිවරයා සිතා සිටින බව ඇමෙරිකානු  හිටපු ජනපති බැරක් ඔබාමා පවසයි.


ඇමෙරිකාවේ ජනාධිපතිධුරය තවත් එක් “රියැලිටි වැඩසටහනක්” ලෙස වත්මන් ජනාධිපතිවරයා සිතා සිටින බව ඇමෙරිකානු  හිටපු ජනපති බැරක් ඔබාමා පවසයි.
ඔහු සඳහන් කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනපති තනතුරේ වගකීම හා යුතුකම හරි හැටි අවබෝධ කරගෙන නොමැති බවත් කිසි දිනක ඔහු එය අවබෝධ කරගනු ඇති බවට තමන් විශ්වාස නොකරන බවත්ය.
මෙවර ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ගේ ප්‍රචාරණ රැලියකට එක වෙමින් ඔහු මේ බව සඳහන් කළ බව එරට මාධ්‍ය වාර්තා කරන ලදී.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි