×

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම සහ රුසියාවේ යුධ සූදානම

මේ සියල්ල සමග රුසියාවේ හැසිරීම කෙසේ වෙයිද? එම ප්‍රශ්නය මේ වන විට සමස්ත ලෝකයේම අවධානයට ලක්ව ඇත.


බටහිර හා සටන් වැදීමට රුසියාව සහ සිරියාව සූදානම් වෙමින් සිටී. ඒ ඇමරිකානු ජනපතිවරයා පසු ගියදා සිය ට්විටර් ගිණුමට එක් කළ පණිවිඩයත් සමගිනි. ඔහු රුසියාවට යුද්ධයකට සූදානම් වන්නැයි අනතුරු ඇඟවීමක් කලේය. පසුගියදා සිරියාවේ දමස්කස් නුවරට එල්ල වූ සියළු ප්‍රහාර මෙන්ම රසායනික අවි ප්‍රහාරය සම්බන්ධ වගකීම ට්‍රම්ප් විසින් රුසියාව සහ සිරියාව වෙත පටවනු ලැබීය. ඔහු කියා සිටියේ සතුන් මෙන් හැසිරෙන රුසියාව සහ සිරියානු නායකයින් අහිංසක ජීවිත බිලි ගන්නා බවයි.

කෙසේ වෙතත් මේ වන විට මෙම රටවල් දෙකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම අනෙක් බටහිර ප්‍රජාවද එක් වෙමින් සිටී. මෙම බටහිර බලවතුන් ඉදිරියේ සිය ස්ථාවරත්වය හා විදෙස් ප්‍රතිපත්තින් පවත්වාගෙන යන්නට සිය යුද ශක්තිය පෙන්වීමට කටයුතු කරමින් සිටී. මේ සියල්ල සමග රුසියාවේ හැසිරීම කෙසේ වෙයිද? එම ප්‍රශ්නය මේ වන විට සමස්ත ලෝකයේම අවධානයට ලක්ව ඇත. ඇමරිකානු ජනපතිවරයාගේ අනතුරු ඇඟවීමත් සමග ඊයේ වන විට රුසියාව තමන් ට්විටර් ඩිප්ලෝමැසි ගණන් ගන්නේ නැති බව පවසා සිටියද රුසියානු රූපවාහිනී නාලිකා තුළ පවා පළ කළ වැඩ සටහන් මඟින් යුද්ධයක් හෝ ප්‍රහාරයක් සඳහා සූදානම් වන ලෙස රුසියානුවන් දැනුවත් කෙරෙන වැඩ සටහන් දැ ගත හැකි විය.

ජලය පරිස්සම් කර ගන්නා ආකාරය පිළිබඳවද රූපවාහිනී මඟින් ජනතාව දැනුවත් කර ඇති බව කියැවේ. ජලය කොපමණක් ඔවුන්ට අවශ්‍යද, බෝම්බ වලින් බේරීමටනම් කුමක් කළ යුතුද , ආදිය ගැනද දැන්මම ජනතාව දැනුවත් වී අවසන්ය.

ඇමරිකාව සහ රුසියාව යන සුපිරි බලවතුන් ගේ විරසකය ව්‍යසනයක ආරම්භය බව සියල්ලන්ම දැන සිටියහ. කෙසේ වෙතත් මේ වන විට රුසියානුවන් වැඩි වැඩියෙන් ආහාර ගබඩා කරන්නට පටන් ගෙන ඇති බව කියැවේ. ඔවුන් ලුණු, ඔටාමීල් මෙන්ම අනෙකුත් කල් තබා ගත හැකි සහ අනෙක් රටවලින් ආනයනය කරන භාණ්ඩ රැස් කරන්නට පටන් ගෙන ඇත. වසර පහක් කල් තබා ගතහැකි කිරි පිටි,සීනි මෙන්ම සහල්ද ඔවුන් රැස් කරති , සමහර රූපවාහිනී නාලිකා තුළ යුද්ධයක් පවතින අවධියේදී උයන පිහන ආකාරය පිළිබඳව වීඩියෝ මඟින් ප්‍රචාරණය කර තිබේ.

මේ සියල් මැද එරට මාධ්‍ය මඟින් ජතාව වෙත ඇති කර තිබෙන යුද බිය නිසා ජනාතාව යුද්ධයට සූදානම් වෙන බව පෙනෙන්නට ඇත. ජලය පරිස්සම් කර ගන්නා ආකාරය පිළිබඳවද රූපවාහිනී මඟින් ජනතාව දැනුවත් කර ඇති බව කියැවේ. ජලය කොපමණක් ඔවුන්ට අවශ්‍යද, බෝම්බ වලින් බෞරීමටනම් කුමක් කළ යුතුද , ආදිය ගැනද දැන්මම ජනතාව දැනුවත් වී අවසන්ය. ඔවුන් පවසන්නේ සැබැවින්ම යමක් සිදු නොවිය හැකි වන්නට ඉඩ තිබුනද ඇමරිකානුවන් විශ්වාස කළ නෙනාහැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි