×

‘ට්‍රම්ප් යුක්රේනයට සතයක්වත් දෙන්නේ නැහැ’ – හංගේරියානු අගමැති ඕර්බන්

වික්ටර් ඕර්බන් තරම් හොඳ, දක්ෂ හෝ හොඳ නායකයෙක් තවත් නැත. ඔහු අපූරුයි යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර තිබිණි.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 11,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් රුසියාවට එරෙහිව යුක්රේනයට යුද්ධ කිරීමට සතයක්වත් ලබා නොදෙන බව හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් ප්‍රකාශ කර තිබේ.

වික්ටර් ඕර්බන් පසුගිය දා එළඹෙන ජනාධිපතිවරණයේදී ඔහුගේ දිගුකාලීන සගයාට විවෘතව සහාය ලබා දීමට ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ මන්දිරයේ දී හමු වූ අතර ට්‍රම්ප් ඉතා හරසරින් ඔහුව පිළිගෙන තිබිණි. මෙහිදී පැවති සාකච්ජාවන්ට අනුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හංගේරියානු අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ, රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ට්‍රම්ප් මහතාට ලස්සන සවිස්තරාත්මක සැලසුම් ඇති බවත්, ට්‍රම්ප් බලයට පත්ව පැය 24ක් ඇතුලත යුක්රේන යුද්ධය නිමා කරනු ඇති බවත්ය.

ඕර්බන් මහතාගේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව පිළිබඳව ට්‍රම්ප් මහතා ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැතිමුත් වික්ටර් ඕර්බන් තරම් හොඳ, දක්ෂ හෝ හොඳ නායකයෙක් තවත් නැත. ඔහු අපූරුයි යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර තිබිණි.

හංගේරියානු අගමැතිවරයා විසින් යුක්රේන යුද්ධය ආරම්භ වූ 2022 පෙබරවාරි 24 වන දින සිට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සමීප සබඳතා පවත්වාගෙන යාම හා යුක්රේනයට ආයුධ යැවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ නායකයන්ගෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ. ඔහු දිගින් දිගටම රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බව ප්‍රකාශ කර තිබු අතර යුක්රේනය රුසියාවට එරෙහිව දිගටම සටන් කිරීම සඳහා එක්සත් ජනපදය, ප්‍රධාන සැපයුම්කරු සහ අනෙකුත් බටහිර සහචරයින්ගේ ආයුධ මත රඳා පවතින බව ප්‍රකාශ කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි