×

ලොව විශාලම මාළු වෙළඳපොළට ස්ථාන මාරුවක්!

ලොව විශාලතම මාළු වෙළඳපොළෙන් කොටසක් අළුත් නිවහනකට මාරු කෙරේ.


ලොව විශාලතම මාළු වෙළඳපොළ හැටියට සැලකෙන ජපානයේ ත්සුකිජි මාළු වෙළඳපොළෙහි අභ්‍යන්තර කොටස තයොසුහි නව ගොඩනැඟිලි සංකීර්ණයක් වෙත රැගෙන යෑමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදු වේ. නව වෙළඳ සංකිර්ණය අද විවෘත කෙරිණි.

මෙම අලුතෙන් ඉදි කළ වෙළඳපොළ තිබෙන්නේ පැරණි වෙළඳපොළෙහි සිට කිලෝමීටර දෙකක් පමණ ඈතිනි. නව වෙළඳපොළ පරිශ්‍රය විවෘත වීමෙන් පසු පැරණි වෙළඳපොළේ අභ්‍යන්තර කොටස වසා දැමෙනු ඇත.

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

ජපානයේ තෝකියෝ අගනුවරට ආසන්නයේ පිහිටි ගින්සා දිස්ත්‍රික්කයෙහි ත්සුකිජි මාළු වෙළඳපොළ දැනට ස්ථාපිතය. තෝකියෝ නුවර ප්‍රධාන පෙළේ අවන්හල් විශාල සංඛ්‍යාවක් පිහිටා තිබෙන්නේ ද ගින්සාහි බව සඳහන් වේ. ත්සුකිජි මාළු වෙළඳපොළ ආසන්නහිම ඒවා පිහිටා තිබෙන නිසා බොහෝ අරක්කමිවරුම එහි පැමිණ මාළු වර්ග මිලදී ගනිති. මාළු වෙළඳපොළ වසර 83කට ආසන්න කාලයක් මුළුල්ලේ එහි පවත්වා ගෙන යන ලදී. ඒ මුළු කාලය පුරාම ත්සුකිජි මාළු වෙළඳපොළ පුදුමාකාර කාර්යය බහුල තැනක් වූයේය. 500කට අධික මාළු වර්ග තොග සහ සිල්ලරට මිලදී ගැනීමේ පහසුකම් එහි ඇත.

ත්සුකිජි මාළු වෙළඳපොළේ මාළු වෙන්දේසි පැවැත් වෙන්නේ අභ්‍යන්තර කොටසෙහි ය. විශාල මුදලක් වැයකර මාළු තොග මිලදී ගන්නා ව්‍යාපාරිකයෝ වැඩි වශයෙන්ම එහි පැමිණෙති. නිල් වරල සහිත ටූනා මත්ස්‍යයකු පසුගිය වසරේදී එහි අලෙවි වුණේ ජපන් යෙන් මිලියන 74.2කට බව සඳහන් වේ.

වෙළඳපොළේ බාහිර කොටස සමන්විත වන්නේ සිල්ලර වෙළඳ අංශයකිනි. එම අංශය නව වෙළඳ සංකීර්ණය වෙත රැගෙන යන්නේ නැත. එනිසා එය දැනට ක්‍රියාත්මක වන පරිදි එහිම පවත්වා ගෙන යනු ඇත.

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

ත්සුකිජි මාළු වෙළඳපොළ සංචාරක ආකර්ෂණය දිනාගත් තැනෙකි. සෑම වසරක් පාසාම දස දහස් සංඛ්‍යාත සංචාරකයෝ එහි පැමිණෙති.

තොයොසුහි නව මාළු වෙළඳපොළ ඉදිකිරීමට ඇමෙරිකා ඩොලර් බිලියන පහකට අධික මුදලක් ජපාන රජය වැය කර ඇත. මාළු නරක නොවී කල් තබා ගැනීමට හැකි අන්දමේ රසායනියකයන් සහිත යන්ත්‍ර එහි ස්ථාපනය කර තිබේ.

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

ගෙන යෑම සම්බන්ධයෙන් සමහර මාළු වෙළඳුන් තුළ වසර 83ක් පැරණි මාළු වෙළඳපොළෙන් කොටසක් තොයොසු වෙත රැඇත්තේ බලවත් විරෝධයකි. එසේ වුවත් ලොව විශාලතම මාළු වෙළඳපොළට නව පහසුකම් අවශ්‍ය බව ජපන් බලධාරීහු පෙන්වා දෙති.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි