ටියුනීසියාවේ තරුණ මාධ්‍යවේදී අබ්ඩේරසාක් සෝර්ගෝයි සිය සිරුරට ගිනි තබා ගනිමින් සිය දිවි අහිමි කර ගත්තේය. ඒ උතුරු අප්‍රිකානුවන් මුහුණ දෙමින් සිටින දරුණු ආර්ථික ආගාධයෙන් ඔවුන් මුදවාලන ලෙස බළධාරීන් වෙත බල කරමිනි.
32 හැවිරිදි වියේ පසු වූ මෙම මාධ්‍යවේදියා සිය දිවි නසාගැනීමට පෙර ටියුනීසියාවේ කැසෙරිනේ හී හිඳ අන්තර්ජාලයෙහි වීඩියෝවක් පළ කර ඇත. ජනතාවයට හොඳ ජීවන තත්ත්වයක් සහ සිය රටේ සිදුවන සියලු ආකාරයේ දූෂණයන් වළකාලීම සඳහා විප්ලවයක අවශ්‍යතාව පෙන්වා දෙමින් තමන් මෙසේ සිය දිවි නසා ගන්නා බව ඔහු මෙම වීඩියෝවෙන් දක්වා ඇත.
තම රටේ ජනතාවගේ විරැකියාව මෙන්ම 2011 ‘අරාබි වසන්තය‘ නම් සමාජ පෙරළිය යටතේ ටියුනීසියාවට සිය ජනතාව වෙත ඉටු කරන්නට නොහැති වූ පොරොන්දු මතක් කර දීමද මෙම මාධ්‍ය වේදියා විසින් නිකුත් කළ වීඩියෝව මගින් සිදු කර ඇත.
වීඩියෝව නිකුත් කිරීමෙන් පසු සිය සිරුරට ගිනි තබා ගත් සෝර්ගෝයි මියගොස් ඇත්තේ රෝහල් ගතකිරීමෙන් අනතුරුවයි.
ඔහුගේ මරණයෙන් පසු මේ වන විට ටියුනීසියාවේ ජනතා උද්ඝොෂණ දැඩි වෙමින් පවතින අතර ප්රචණ්ඩ ක්‍රියා ද ඉහළ ගොස් තිබේ.
2010 වසරේදීද මීට සමානවම පීඩනයට පත් වූ ජනතාව වෙනුවෙන් මෙහෝමඩ් බොවුවාසි නැමැත්තා සිය සිරුරට ගිනි තබා ගනිමින් සිය දිවි නසා ගත් අතර ඒත් සමගජ රාජ්‍ය පුරා විරෝධතා ව්‍යාපාර ආරම්භ විය. එම විරෝධතා අවසන් වූයේ ටියුනීසියාවේ දීර්ඝතම පාලනය වූ ජනපති සිනේ එල් ඇබයිඩිනේගේ පාලනය 2011 වසරින් අවසන් කරමිනි.
අරාබිකරයේ දශක ගණනක් පාලනයේ නියුතුව සිටි පාලන පෙළපත් එයින් පන්නා දැමීම හෝ ඔවුන් බලයෙන් පහ කිරීමේ මහා පරිමාණ ලෝක රැල්ල ආරම්භ වූයේ ටියුනීසියාවෙනි. එය ‘අරාබි වසන්තය‘ ලෙස හැඳින්වෙයි. නමුත් වසන්තයෙන් පසු අරාබියට මල් පිපුණේ නැත. ඒ වෙනුවට සිදුව තිබෙන්නේ එම රටවල් තවදුරටත් අස්ථාවර වීමයි. ඒ බවට, අරාබි වසන්තයේ මූලාරම්භක ගිනි පුපුර දැල්වූ ටියුනීසියාවෙන් ලැබෙන මෙවැනි පුවත් නැවත වරක් සනාථ කරයි.