×

Rap සංගීත ලොව සදා නොමියන අදිරජ – Tupac Amaru Shakur(1971-1996) – පළමු කොටස

රැප් සංගීත ලොව එදා මෙදා පහලවූ ශිල්පීන් අතරින් සදා නොමියන චරිතය ටූපක් අමරු ශකූර් (Tupak Amaru Shakur).


සංගීතය යනු විශ්වමය බසක්. ජාති, ආගම්, කුලමල භේද, මායිම් සීමාවලින් තොරව හදවතට අමතන්නක්. විවිධ සංගීත ශෛලියන් අතර ඇමෙරිකානු කළු ජනතාව අතරින් පැන නැගුනු ඔවුන්ගේ සිතේ දුක් දෝමනස්සයන් නිර්මාණයන් ලෙසින් එළි දැක්වුණු Rap/HipHop සංගීතය අද ලොව පුරා ජනප්‍රිය වී තිබෙනවා. Oscar වැනි සම්මාන උළෙලවල පවා සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

රැප් සංගීත ලොව එදා මෙදා පහලවූ ශිල්පීන් අතරින් සදා නොමියන චරිතයක් ගැන අද අපි ඔබට කරුණු ගෙන එන්නෙමු.

ඒ අන් කවරෙකුවත් නොව මරණින් වසර 22ට පසු පවා ලොව පහල වූ අසහාය රැප් ගායනා ශිල්පියා සේ සැලකෙන ටූපක් අමරු ශකූර් (Tupak Amaru Shakur). ඇමෙරිකානු සමාජයේ පවත්නා කළු-සුදු භේදය, දරිද්‍රතාව, මත්ද්‍රව්‍ය කළු ජීවිතවල සිදුවන බිඳ වැටීම් හා ඒවායේ අනිටු ප්‍රතිපල ගැන නිබඳ සිය නිර්මාණ තුලින් කතා කළ ඔහුගේ එකම සිහිනය වූයේ වඩා සාධාරණ යහපත් ලෝකයක් ගොඩනැගීමයි. කළු ජාතික ජනාධිපතිවරයෙකු පාලනය කරන අමෙරිකාවක් දැකීම ඔහුගේ එක සිහිනයක් වුණා. 2009දී ඒ සිහිනය සැබෑ කරමින් කළු සම්භවයක් ඇති බැරක් ඔබාමා ජනපති වනු දකින්නට ටූපක්ට නොහැකි වූයේ 1996 ඔහු අකාලයේ ඝාතනය වන නිසා(මේ මරණය අදටද නොවිසඳුණු ගැටළුවක්.)

I see no changes all I see is racist faces

Misplaced hate makes disgrace to races

We under I wonder what it takes to make this

One better place, let’s erase the wasted

Take the evil out the people they’ll be acting right

‘Cause both black and white is smokin’ crack tonight

And only time we chill is when we kill each other

It takes skill to be real, time to heal each other

And although it seems heaven sent

We ain’t ready, to see a black President, uhh

It ain’t a secret don’t conceal the fact

The penitentiary’s packed, and it’s filled with blacks

But some things will never change

Try to show another way but you stayin’ in the dope game

Now tell me what’s a mother to do

Bein’ real don’t appeal to the brother in you

You gotta operate the easy way

“I made a G today” But you made it in a sleazy way

Sellin’ crack to the kid. ” I gotta get paid, “

Well hey, well that’s the way it is

  • Changes(Greatest Hits – 1998)

[embedyt] https://www.youtube.com/watch?v=eXvBjCO19QY[/embedyt]

ළමා අවධිය හා සංගීත ලොවට පිවිසීම

Source : https://2paclegacy.net

නිදහසට, අයිතියට මුල් තැන දෙමින් අමෙරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සන්, ඡන්දදායකයින්ගේ අවම වයස අවුරුදු 18 කරමින්  26 වැනි ව්‍යවස්ථා සංශෝධනය(දෙවන ලෝක යුද සමයේ පටන් පැවති ගැටළුවක් ව තිබූ) ගෙන එනු ලැබූ 1971 අමෙරිකානු ඉතිහාසයේ වැදගත් වසරක්. නිව්යෝර්ක් හි නැගෙනහිර හාලම් ප්‍රදේශයේ කළු ඇමෙරිකානු යුවලකට මේ වසරේ ජූනි 16 පුංචි පැංචෙක් උපන්නා. උපතින් Lesane Parish Crooks නම් ලැබුවත් පසුව ඔහු ටූපක් අමරු ලෙස නම් කළේ ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් විසින් ඝාතනය වුනු අවසන් ස්වදේශික පීරු පාලක දෙවන ටූපක් අමරුට ගරු කිරීමක් ලෙසයි.මව අෆෙනි ශකූර් හා පියා බිලී ගාර්ලන්ඩ්, එකල කළු ජාතීන්ගේ නිදහස උදෙසා ක්‍රියා කළ දේශපාලන ව්‍යාපාරයක් වූ Black Panther Party හි ක්‍රියාකාරී සාමාජිකයන් වූ නිසා නිදහස, අයිතිය සහ ඒ වෙනුවෙන් නැගීසිටීම කුඩා ටුපක්ගේ ලේ තුලටම කාවැදුනක්.

1988 දී කැලිෆෝර්නියාවට සංක්‍රමණය වීම ටූපක්ගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.පාසලේදී නාට්‍ය හා රංග කලාවට මෙන්ම සාහිත්‍යට ඔහු දක්වූ දස්කම් පසුකලෙක ඔහුගේ කලා දිවියට මං පෙත් විවර කළා.

“අපේ නිර්මාණ සමාජ යතාර්ථය පිළිබිඹු කරන ඒවා. එමගින් පවතින සමාජ ගැටළු හඳුනාගෙන වඩා යහපත් ලෝකයක් ගොඩනැගීම අපේ අරමුණ විය යුතුයි.”යනුවෙන් වරෙක ඔහු සඳහන් කරනවා.

[embedyt] https://www.youtube.com/watch?v=mQRdHXJMgzk[/embedyt]

Somebody break me I’m dreamin’, I started as a seed the semen

Swimmin’ upstream, planted in the womb while screamin’

on the top, was my pops, my momma screamin’ stop

From a single drop, this is what they got

Not to disrespect my peoples but my poppa was a loser

Only plan he had for momma was to fuck her and abuse her

Even as a little seed, I could see his plan for me

Stranded on welfare, another broken family

Now what was I to be, a product of this heated passion

Momma got pregnant, and poppa got a piece of ass

Look how it began, nobody gave a fuck about me

Pistol in my hand, this cruel world can do without me

How can I survive? Got me askin’ white Jesus

will a nigga live or die, cause the Lord can’t see us

in the deep dark clouds of the projects, ain’t no sunshine

No sunny days and we only play sometimes

When everybody’s sleepin’

I open my window jump to the streets and get to creepin’

I can live or die, hope I get some money ‘fore I’m gone

I’m only 19, I’m tryin’ to hustle on my own

on the spot where everybody and they pops tryin’ to slang rocks

I’d rather go to college, but this is where the game stops

Don’t get it wrong cause it’s always on, from dusk to dawn

You can buy rocks glocks or a herringbone

You can ask my man Ishmael Reed

Keep my nine heated all the time this is how we grind

Meet up at the cemetery then get smoked out, pass the weed nigga

That Hennessey’ll keep me keyed nigga

Everywhere I go niggas holla at me, “Keep it real G”

And my reply til they kill me

Act up if you feel me, I was born not to make it but I did

The tribulations of a ghetto kid, still I rise

  • Still I Rise(Still I Rise :2Pac+Outlawz – 1999)

1987 පමණ සිට තනිව යම් යම් නිර්මාණයන් කළත් ටූපක්ගේ කලා ජීවිතයේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1990දී Digital Underground නම් සංගීත කණ්ඩායමේ පසුබිම් නර්තන ශිල්පියෙකු ලෙස එක්වීමත් සමගයි. Digital Underground නිර්මාණය කරන Same Song ටූපක් කරලියට ගෙන ඒමට සමත් වනවා.1991 Nothing but trouble හි  සුළු චරිතයක් සමගින් ඔහුගේ රංගන දිවියද පටන් ගන්නවා.

Source : https://2paclegacy.net

1991 2Pacalypse Now ටූපක්ගේ පළමුවන තනි ගීත ඇල්බමය(first solo album) වනවා. එහි කළු සමාජයේ දැවෙන ගැටළු වූ වර්ණවාදය, දරිද්‍රතාවය, පොලිසියේ කෲරත්වය, යොවුන් වියේ ගර්භනීබව පිළිබඳව Trapped , Brenda got a baby ආදී ගීතවලින් ඉදිරිපත් කෙරෙනවා.  Billboard 200හි 64 හා Billboard Top R&B/Hip-Hop Albums හි 13 වන ස්ථානය ලබා ගත් මේ ගීත ඇල්බමය ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් පිටපත් 500,000ට වඩා අලෙවිවෙමින් RIAA(Recording Industry Association of America) ස්වර්ණමය ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්නවා.

1994 එලි දක්වන Strictly 4 My N.I.G.G.A.Z ටූපක්ගේ දෙවන ගීත ඇල්බමයයි. පිටපත් මිලියනයකට වඩා අලෙවි වන මෙය Billboard 200හි 24 වන ස්ථානය ලබා ගන්නවා.1994 එලි දක්වන Strictly 4 My N.I.G.G.A.Z ටූපක්ගේ දෙවන ගීත ඇල්බමයයි. පිටපත් මිලියනයකට වඩා අලෙවි වන මෙය Billboard 200හි 24 වන ස්ථානය ලබා ගන්නවා. “Keep Ya Head Up” සහ  “I Get Around” එහි වඩා ජනප්‍රිය වූ ගීතයි.

1994දීම Thug Life:Volume 01 එලි දක්වන්නේ කණ්ඩායම් නිර්මාණයක් ලෙසයි.

1995 දී නිකුත් කළ Me against the world ඔහුගේ තුන්වන ගීත ඇල්බමය වුණා. ටූපක් සිරගතව සිටියදී(1993 සිදු වූ ලිංගික අපචාර චෝදනාවක් සම්බන්දයෙන්) නිකුත් වූ මෙම ඇල්බමය Billboard 200 පළමු තැන ලබාගනිමින් ඔහු යුගයේ ආන්දෝලනාත්මක තාරුකාවක් බවට පත්කරන්නට සමත් වුනා. මිලියන 3.5 ඉක්මවා පිටපත් අලෙවි වූ මෙම ගී ඇල්බමය 1996 Soul Train සංගීත උළෙලේ වසරේ හොඳම ගීත ඇල්බමය බවට පත්වන්නට සමත් වුනා. Dear Mama, So many tears, Temptations වඩා ජනප්‍රිය වූ හද ඇද බැඳ ගත් පද මාලා සහිත සංවේදී ගීත ලෙස හඳුන්වන්නට පුළුවන්.

When I was young me and my mama had beef

Seventeen years old kicked out on the streets

Though back at the time, I never thought I’d see her face

Ain’t a woman alive that could take my mama’s place

Suspended from school, and scared to go home, I was a fool

With the big boys, breaking all the rules

I shed tears with my baby sister

Over the years we was poorer than the other little kids

And even though we had different daddy’s, the same drama

When things went wrong we’d blame mama

I reminisce on the stress I caused, it was hell

Hugging on my mama from a jail cell

And who’d think in elementary?

Hey! I see the penitentiary, one day

And running from the police, that’s right

Mama catch me, put a whooping to my backside

And even as a crack fiend, mama

You always was a black queen, mama

I finally understand

For a woman it ain’t easy trying to raise a man

(I know it ain’t easy)

You always was committed

A poor single mother on welfare, tell me how ya did it

There’s no way I can pay you back

But the plan is to show you that I understand

You are appreciated

  • Dear Mama(Me against the world – 1995)

[embedyt] https://www.youtube.com/watch?v=Mb1ZvUDvLDY[/embedyt]

සිරගතව සිටියදී Marion “Suge” Knight(ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙකු හා ව්‍යවසායකයෙකු වූ) හා සම්බන්ධ වීම ටූපක්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. 1995-96 යුගයේ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවකට මුල් වූ, බටහිර-නැගෙනහිර ඉවුරු රැප් අරගලයේ (west coast east coast rap rivalry) උපතට හේතු වූ Death Row Records බිහිවීම හා ටූපක් එහි මුල් පෙළ සාමාජිකයෙකු වන්නේ මේ සමගයි. මෙය නොසිතු තරමේ ජනප්‍රියත්වයක්, ධනයක් පසුපසම මහා අවාසනාවක් ද ගෙන ආ සිදුවීම් මාලාවක ආරම්භය වුණා.

මතු සම්බන්ධයි…

Source : Wikipedia.org / 2pac.com / 2paclegacy.net



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි