×

සංක්‍රමණිකයන් පැටවූ ට්‍රක් රියක් අනතුරට ලක් වීමෙන් 22 ක් මරුට

තුර්කියේදී සංක්‍රමණිකයන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීම නිසා කුඩා දරුවන් ඇතුළු 22 දෙනෙක් මරුමුවට පත්ව ඇත.


මෙය සිදුව ඇත්තේ, සංක්‍රමණිකයන් පිරවූ ට්‍රක් රථය, ඇළ මාර්ගයක් හරහා ගමන් ගනිමින් තිබියදී පෙරළී යාම නිසා ය.

එම ට්‍රක් රථයේ අනාරක්ෂිත ලෙස, වහලයකින් ද තොරව මෙම පිරිස පටවාගෙන ගොස් ඇති බව සඳහන් ය.

අනතුරෙන් 13 දෙනෙක් තුවාළ ලැබූහ.

මෙම පිරිස, මිනිස් ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් තුර්කියට පැමිණ සිටි අය ය. ඔවුන් තුර්කිය හරහා බෝට්ටු මගින් ග්‍රීසියේ සමෝස් දූපත බලා ගමන් ගන්නට බලාපොරොත්තුවෙන් සිටි අය බව ද වාර්තා වේ.

යුරෝපය බලා සංක්‍රමණය වන නීතිවිරෝධී සංක්‍රමණිකයන් මෑත කාලයේදී තුර්කිය විශාල වශයෙන් තෝරාගෙන ඇත.

2015 වසරේදී වාර්තා වූ පරිදි, යුරෝපා සංගමයේ රටවල්වලට යාම සඳහා තුර්කියට පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි.

මෙම සංක්‍රමණිකයන්ගෙන් බහුතරය යුද්ධ සහ දුප්පත්කම හේතුවෙන් මැදපෙරදිග සහ අප්‍රිකානු රටවලින් පළා යන අය ය.

2016 වසරේදී තුර්කි බලධාරීන් සහ යුරෝපා සංගමය අතර ඇති කරගත් ගිවිසුමක් හරහා මෙම සංක්‍රමණිකයන් තුර්කියට ඇතුල් වීම අතිශයින් සීමා කෙරිණි. මෙම ගිවිසුම ඇති කර ගනු ලැබුවේ, තුර්කියට සැතපුම් කිහිපයක් නුදුරින් පිහිටා තිබනෙ ග්‍රීක දූපත් බලා යාමේදී පුද්ගලයන් සිය ගණනක් දෙනා අනතුරට ලක් වී මිය යාමෙන් පසුව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි