×

Android App ඔස්සේ Twitter ගිණුම් භාවිත කළ පරිශීලකයන් ගේ Private tweets… public වෙලා.

2014 වසරේ නොවැම්බර් සහ 2019 ජනවාරි ඇතුලත කාලය තුළ සිය ඊමේල් ලිපිනයන් ට්විටර් ගිණුම හා සම්බන්ධ කළ ගිණුම් හිමියන්ගේ පෞද්ගලික පණිවිඩ මෙසේ නිරාවරණය වී ඇති බව ටිවිටර් සමාගම පවසයි.


කාලයක් තිස්සේ ට්විටර් ගිණුම් හිමියනන් ගේ පෞද්ගලික පණිවිඩ පොදු පණිවිඩ ලෙස අනාවරණය වී ඇති බව ට්විටර් සමාගම පවසයි. ඔවුන් පවසන පරිදි ටිවිටර් ගිණුමේ සමහර වෙනස් කම් කිරීමේදී පෞද්ගලික පණිවිඩ ආරක්ෂණය සම්බන්ධව යම් වරදක් සිදු වී ඇති බවයි.
2014 වසරේ නොවැම්බර් සහ 2019 ජනවාරි ඇතුලත කාලය තුළ සිය ඊමේල් ලිපිනයන් ට්විටර් ගිණුම හා සම්බන්ධ කළ ගිණුම් හිමියන්ගේ පෞද්ගලික පණිවිඩ මෙසේ නිරාවරණය වී ඇති බව ටිවිටර් සමාගම පවසයි.

මෙම තත්ත්වයට මුහුණ දුන් ගිණුම් හිමියන් ව ඔවුන්ට සිදු වූ දෙය සමබ්න්ධව සමාගම විසින් දැනුම් දී ඇත. විශේෂයෙන්ම ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය භාවිත කරන ට්විටර් ගිණුම් හිමියන් මෙම තත්ත්වයට මුහුණ දී ඇත.

මේ සම්බන්ධව සිය ට්විටර් ගිණුම් හිමියන්ගෙන් සමාව ඇයැද සිටින සමාගම පවසන්නේ නැවත මෙවැන්නක් ඇති නොවීමට වග බා ගන්නා බවයි.

එමෙන්ම ගිණුම් හිමියන්ට තම ගිණුම් වල ආරක්ෂණ නීති අනුගමනය කරන ලෙසද නැවත ඒවා විමසා බලා තහවුරු කර ගන්නා ලෙසද අවධාරණය කරයි. ඇපල් සන්නිවෙදන උපකරණ භාවිතා කළ ගිණුම් හිමියන් සහ වෙබ් අඩවිය ටිවිටර් භාවිත කළ අය මේ සම්බන්ධව ආරක්ෂිත බවද සමාගම පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි