×

පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 22නකු ජිවිතක්ෂයට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු කණ්ඩායමක් භාරගෙන නොමැත.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 07,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථානයේ මහා මැතිවරණය පැවැත්වීමට දිනකට පෙර බලුකිස්තාන් පළාතේ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිට සිදුවූ පළමු පිපිරීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර දෙවන පිපිරීම ඉන් කිලෝමීටර් 150ක් (සැතපුම් 93ක්) පමණ දුරින් පිහිටි කිල්ලාහ් සයිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ සිදු වූ අතර ඉන් පුද්ගලයන් 8 දෙනෙකු මිය යන ලදී.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර පුර්ව මැතිවරණ සමයේ බලුකිස්තාන් සහ කයිබර් පක්තුන්ක්වා යන පළාත් දෙකෙහිම ප්‍රචණ්ඩකාරී සිදුවීම් රැසක් ද වාර්තා වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි