×

මැන්ඛට් නිසා පිලිපීනයේ මරණ 64 ක්

2018 වසරේ ලෝකයේ මෙතෙක් හටගත් දරුණුතම සුළි කුණාටුව වශයෙන් සැලකෙන මැන්ඛට් සුළිසුළඟ පිලිපීනයේ ලූසොන් දිවයින වෙත සෙනසුරාදා කඩා වැදුණේය.


පුද්ගලයන් 64 දෙනෙක් එහිදී ජීවිතක්ෂයට පත්වූහ. පුද්ගලයන් ගණනාවක් මේ වන විටත් අතුරුදන් ව සිටිති. විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ නාය යාම්වලට හසුවීම නිසා ය.

බෙන්ගුවට් නගරයෙන් වැඩිම ජීවිත හානියක් වන මරණ 38 ක් වාර්තා විය. එක් නගරයක පමණක් ගොඩනැගිලි 750කට වඩා හානියට පත්ව තිබේ.

REUTERS

REUTERS

Rescuers assist a mother and her child as they evacuate to safer grounds following landslides that hit Itogon township, Benguet province in the northern Philippines due to Typhoon Mangkhut Sunday, Sept. 16, 2018. The landslides buried dozens of miners and isolated the township. Typhoon Mangkhut barreled into southern China on Sunday after lashing the northern Philippines with strong winds and heavy rain that left more than dozens dead from landslides and drownings. (AP Photo/Jayjay Landingin)

පතල්කරුවන් වෙත සැපයුම් ගෙන යමින් සිටි ට්‍රක් රථයක් ඉතොගොන් හි උකැබ් නගරයේදී නාය යාමකට හසුවීම නිසා පුද්ගලයන් 26 දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව සිටියහ.

අවම වශයෙන් පැය 2ක පමණ කාලයක් තිස්සේ සුළි සුළං තත්වය දිගින් දිගටම පැවති බව වින්දිතයෝ පවසති.

පිලිපීීනයේ ප්‍රධානතම කෘෂිකාර්මික පළාතක් වන කැගයැන් හි ගොවිපොළවලට දරුණු හානියක් මේ නිසා සිදුව ඇති බව ද වාර්තා වේ. ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටිගේ දේශපාලන උපදේශකවරයෙකු වන ෆ්‍රැන්සිස් ටොලෙටිනෝ ප්‍රකාශ කළේ සහල් සහ ඉරිඟු අස්වැන්නෙන් 4/5කට වඩා සුළි සුළඟ හේතුවෙන් විනාශ වූ බවයි.

2013 වසරේදී පුද්ගලයන් 7000කට වඩා මරා දැමූ හයියාන් සුළි සුළඟෙන් පසු පිලිපීනය මුහුණ දුන් දරුණුතම ඛේදවාචකය මෙය බවට සැලකේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි