මැන්ඛට් සුළි කුණාටුව(Typhoon Mangkhut) දකුණු චීනය සොළවෙයි. හොංකොං දූපතටත් දැඩි හානි
දකුණු චීනය මේ වන විට දරුණු මැන්ඛට් සුළි කුණාටුවට හසු වී ඇති අතර, දැඩි වර්ෂාපතනය සමග සුළඟේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 100 ඉක්මවන බව වාර්තා වේ.
ගුවන් ගමන්, දුම්රිය ගමන් නතර කිරීම හේතුවෙන් කලාපයේ මිලියන ගණනක් දෙනා සිර වී සිටින බව ද වාර්තා වේ.
වැඩිම අවදානමකට නතුව ඇති ප්‍රදේශය ලෙස සැලකෙන්නේ චීනයේ ගුවන්ඩොන්ග් පළාතයි.
මේ වන විට චීනයෙන් මරණ 2 ක් වාර්තා වේ.
දකුණු චීන මුහුද ආශ්‍රිතව පිහිටා තිබෙන හොංකොං දූපත් ද සුළි සුළඟේ බලපෑමට හසු වූ අතර, හොංකොං ප්‍රධාන දුපතේ ඉදිකර තිබෙන මහල් ගොඩනැගිලි ගණනාවක වීදුරු, සුළි සුළඟ හේතුවෙන් කැඩී ගොස් තිබෙන ආකාරය මෙසේ දැක්විණි.
සුප්‍රකට වික්ටෝරියා වරායේ අඩි 12 ක් පමණ උස ජල රළ ඇතිකිරීමට සුළි සුළඟ සමත් විය.
හොංකොං දූපත්වලට නුදුරු, කැසිනෝ සඳහා ලෝක ප්‍රසිද්ධ මැකායු දූපත (Macau) ඉතිහාසයේ ප්‍රථම වතාවට වසා දැමීමට ද මේ නිසා සිදුවිය.
හොංකොං ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ගණනාවක් ද තාවකාලිකව නතර කර තිබේ.
bbc