×

මැන්ග්ඛට්, වසරේ වේගවත්ම කුණාටුව පිලිපීනයට රිදවා චීනයට යයි.

මේ හේතුවෙන් ජීවිත හානි වලට අමතරව පිලපීනයේ වගා බිමි රැසක් විනාශ වී ඇති බව අනාවරණය වේ.


මැන්ග්ඛට් කුණාටුව නිසා මේ වන විට බරපතල ලෙස පීඩා විඳිමින් සිටින්නේ චීනය සහ පිලීපීනයයි.

මෙම අහිත කර කාල ගුණික තත්ත්වයේ බලපෑම නිසා පිලපීනයට සිදු වූ ජීවිත හානි ප්‍රමාණය මේ වන විට 25 දක්වා ඉහළ නැඟ ඇත. කාලගුණික විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි මැන්ග්ඛට් මෙම වසර තුළ ලෝකයේ ඇති වූ බලසම්පන්නම කුණාටුවයි.

මේ හේතුවෙන් ජීවිත හානි වලට අමතරව පිලපීනයේ වගා බිමි රැසක් විනාශ වී ැති බව අනාවරණය වේ. විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශයක් වන කගායන් හී වැඩිම වගා හානියක් සිදුව ඇති බව ගණන් බලා ඇත‍. නිවාස දහස් ගණනක් පසු කරමින් හමා ගිය මෙම කුණාටුව නිසා නාය යෑම් කිහිපයක්ද වාර්ථා විය. මේ වන විට අපදාවට ලක් වූ විශාල පිරිසක් සහන කඳවුු වෙත යවා ඇතැයි වාර්ථා වේ.

පිලපීනයේ කිලෝ මීටර් 900ක පුරා පැතිරුණු මැන්ග්ඛට් මේ වන විටත් දකුණු චීනය වෙත ළඟා වෙමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි