ගීත කිහිපයක් ගායනා කිරීමෙන් අනතුරුව බෝනෝ කිසිසේත්ම ගීත ගායනා කර ගත නොහැකි තත්වයට පත්වුණේ වේදිකාව මතදීම ය. U2’s Bono suffers ‘complete loss of voice’ at Berlin gig
බර්ලින් හි පැවති මර්සිඩීස් බෙන්ස් සංගීත සන්දර්ශනයේ රසිකයන්, දෙවැනි දින රාත්‍රියේ, එනම් සෙනසුරාදා රාත්‍රියේ නොඉවසිල්ලෙන් බලා සිටියේ සිය හද බැඳි ගායක බෝනෝ වේදිකාව මතට එන තෙක් ය. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම කඩවී ගියේ මේ නොසිතූ ඛේදවාචකය නිසා ය. මේ වනවිට ඔවුහු ට්විටර් වැනි සමාජ ජාල ඔස්සේ විවිධ මත පළ කරමින් සිටිති. ඇතැමුන්ට අනුව බෝනෝට මෙසේ සිදුවී තිබෙන්නේ අධික දුම්පානය නිසා ය. පෙර දිනයේ ද ඔහු අසාමාන්‍ය ලෙස උගුර පාදමින් සිටි බව ඇතැමුන් කියා තිබේ.
එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් කියා තිබෙන්නේ, ‘‘මොනවා සිද්ධ වුණාදැයි අප දන්නේ නැහැ. බෝනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී සිටිනවා“ යනුවෙනි.
නොවැම්බර් 10 වැනිදා දක්වා U2 සංගීත කණ්ඩායම ලෝක සංගීත සවාරියක නිරත වෙමින් සිටියි. සැප්තැම්බර් 4 වැනිදා ජර්මනියේ කොලෝන් නුවර ඔවුන් මීළඟ ප්‍රසංගය පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර, එහි ප්‍රවේශපත් සියල්ල ද මේ වනවිට විකිණී අවසන් ය.
බෝනෝ විසින් “Beautiful Day” ගීතය වේදිකාව මත ගායනය කරමින් සිටින අවස්ථාවයි, මේ. ඔහුට මේ ගීතය අතරමගදී කටහඬ නැති වීම නිසා ගීතය නතර කිරීමට සිදු වේ.